2021 ජනවාරි 23 වන සෙනසුරාදා

කල්ලන් සහ කෙල්ලන් වැඩි බයිඩන්ගේ කට්ටිය

 2021 ජනවාරි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 38

අමෙරිකාවේ 46 වැනියා සිය කැබිනට් මණ්ඩලයට තෝරාගෙන ඇති පිරිසෙන් අඩක්ම කාන්තාවන්ය. එසේම මේ අයගෙන් බහුතරය කල්ලන්ය. මේ අය බොහෝමයක් ඒ ඒ තනතුරුවල පුරෝගාමී පිරිසය. එසේම බහුතරය පළපුරුදු සිවිල් සේවකයන්ය. 

ඔහුගේ උප ජනාධිපතිනිය අමෙරිකාවේ පළමු කළු කාන්තා උප ජනාධිපතිනියයි. ඇගේ සැමියා පළමු - දෙවැනි පුරවැසියායි. භාණ්ඩාගාර ලේකම්වරියද ඒ තනතුරට පත්වූ මුල්ම කළු කතයි. මුල්ම කළු ජාතික ආරක්ෂක ලේකම්ද දක්නට ඇත්තේ 46 වැනියාගේ කල්ලියේය. එළිපිට සමරිසි බව පිළිගත් කැබිනට් නියෝජිතයා මෙන්ම අමෙරිකා ඉතිහාසයේ ස්වදේශීය ආදිවාසීන් නියෝජනය කරන රෑන් චාවේස් කැබිනට් ලේකම්වරියද ඒ තනතුරු සඳහා පත්වූ පුරෝගාමීහුය.
අමෙරිකාවේ 46 වැනියා මේ හැමදෙනාටම පොදුවේ දුන් තදබල අවවාදය නම්, තම තමාට මෙන්ම එකිනෙකාටද ගෞරවණීයව සලකන්න, නැත්නම් ගෙදර යන්න යන්නයි. ඔහු අමෙරිකාව තුළ සාධාරණ සමාජයකට ආදර්ශය ලබාදෙන්නට යන්නේ එලෙසිනි.