2020 දෙසැම්බර් 19 වන සෙනසුරාදා

තමිල්නාඩුවේ දේශපාලන පෙරැළියක්!

 2020 දෙසැම්බර් 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 350

තමිල්නාඩු දේශපාලන ඉතිහාසයේ මහා පෙරැළියක් සිදුවීමට නියමිතය. බොලිවුඩ් දැවැන්තයන් දෙදෙනෙකු එකට එක්වී දේශපාලන පොරපිටියට බැසීමට සූදානම් වීමත් සමගිනි. මේ දෙදෙනා කමල් හසන් සහ රජිනි කාන්ත්ය.

මේ වනවිට කමල් හසන් මක්කල් නිදි චයියම් නමින් පක්ෂයක් පිහිටුවා තිබේ. ඔහු තමිල්නාඩු දේශපාලනයේ ජනකාන්ත තරුවකි. ඒ අතර බොලිවුඩ් වීරයා ලෙස සැලකෙන රජිනි කාන්ත්ද අලුතෙන් දේශපාලන පක්ෂයක් පිහිටුවීමට තීරණය කර ඇත. ඒ සඳහා සුබදිනය යෙදී ඇත්තේ මේ මස 31දාටය.

කමල් හසන් මේ අතර කියා තිබුණේ තමාගේ දේශපාලන දර්ශනය හා රජිනි කාන්ත්ගේ දේශපාලන මතවාදය අතර සමානකමක් ඇත්තේ නම් දෙදෙනා එක්ව ජනතා සේවයට කටයුතු කිරීම වඩාත් යහපත් වන බවය. මේ දේශපාලන දීගය සිදුවුවහොත් එය තමිල්නාඩු දේශපාලන ඉතිහාසයේ දැවැන්ත වෙනසකට මුලපිරීමක් වනු නියතය.

 

► සංස්කරණය:  සුගත් පී. කුලතුංගආරච්චි

 

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:05