අභ්‍යවකාශ සංචාරක ව්‍යාපාරය සඳහා දැනටම සැලසුම් කරන කෝටිපති ව්‍යාපාරික රිචඩ් බ්‍රැන්සන් අභ්‍යවකාශ ටැක්සි සේවාවක් 2021දී නිල වශයෙන් ඇරැඹීමට යයි.
මේ අභ්‍යවකාශ මගී ප්‍රවාහන සේවාව සඳහා යොදාගන්නට නියමිත වර්ජින් ගැලැක්ටික් යානය ඒ අනුව සිය මූලික පර්යේෂණ චාරිකාව සඳහා පිටත්වීමට නියමිතව ඇත. මේ මුල් සංචාරය සඳහා යානයේ කාර්ය මණ්ඩලය පමණක් සහභාගි වනු ඇත.
අමෙරිකාවේ නව මෙක්සිකෝවේ සිට මේ ගමන පිටත්වන්නට නියමිතය. මේ වනවිට වර්ජින් ගැලැක්ටික් යානයෙන් අභ්‍යවකාශයේ සංචාරය කරන්නට 600ක් පමණ වූ සංචාරක කණ්ඩායමක් ලියාපදිංචිව සිටිති. ජනප්‍රිය නළු ලියනාඩෝ ඩි කැප්‍රියෝ මෙන්ම ජනකාන්ත ගායක ජස්ටින් බීබර් ද ඒ අතර වෙති.