ඉන්දුනීසියාවේ ජනාධිපති ජෝකෝ විඩෝචෝ මේ දිනවල සාකච්ඡා පවත්වමින් සිටින්නේ ලෝක ප්‍රසිද්ධ කෝටිපති ව්‍යාපාරිකයකු සමගය. ඔහු ස්පේස් X-Spacex ආයතනයේ ප්‍රධානී එලෝන් මස්ක්ය. ඔහු ලොව ධනවත්කම අතින් දෙවැන්නාය.
ඉන්දුනීසියාව තුළ අනාගතයේදී තම සමාගමේ අභ්‍යවකාශ යානා රැගෙන යන රොකට් දියත් කළ හැකි අභ්‍යවකාශ තොටුපළක් ස්ථාපනය කළ හැකිදැයි සොයාබැලීම මේ සාකච්ඡාවේ අරමුණයි.
අමෙරිකා ඩොලර් 12 වැනි වත්කම් හිමි එලෝන් මස්ක්ගේ සමාගම් සමඟ දැනටමත් හවුල් ව්‍යාපාර අරඹා ඇති ඉන්දුනීසියාව ඔහුගේ ටෙස්ලා සමාගම සමගද විදුලි බැටරි නිපදවීම සඳහා වූ හවුල්කාරීත්වයක් පතා සාකච්ඡා කර ඇත. අභ්‍යවකාශ ගුවන්තොටක් සඳහා ආයෝජනයට ඉන්දුනීසියානු භූමිය සුදුසුදැයි බැලීමට එලෝන් මස්ක්ගේ නියෝජිත පිරිසක් ලබන මස එරටට පැමිණීමට නියමිතය.