මහ පොළොවට පිටසක්වලකින් පස් ගල් රැගෙන ආ මුල්ම රට බවට පසුගියදා ජපානය පත්විය. ඔවුන්ගේ හයබුසා 2 රොබෝ යානය රිගුයු නම් ග්‍රාහකය මතින් පාෂාණ සාම්පලයක් රැගෙන ඒමත් සමගය. මේ සමග ලෝක අභ්‍යවකාශ තරගයේ ජපානයටද කැපී පෙනෙන තැනක් ලැබී හමාරය. දැන් ජපානය තමන්ගේ මීළඟ එල්ලය ලෙස තෝරාගෙන ඇත්තේ අඟහරුගේ හඳකි. අඟහරැ හඳට ගොස් එයින් කැබැල්ලක් රැගෙන ඒම දැන් ඔවුන්ගේ මීළඟ ප්‍රයත්නයයි.
අඟහරුගේ පෝබෝස් සඳ මතින් පස් ගල් සාම්පලයක් ලබාගන්නට ජපානය යානාවක් යවන්නට යන්නේ 2024දීය. ජපාන අඟහරැ චන්ද්‍ර ගවේෂණය Martian Moon Exploration (MMX) ලෙස හඳුන්වා ඇති මේ ගමනේදී පොබෝස් පමණක් නොව අඟහරුගේ ඩෙයිමෝස් සඳ ගවේෂණයටද බලාපොරොත්තු වේ. අඟහරුගේ විශාලම සඳ වන පෝබෝස් මතින් පස් ගල් රැගෙන ඩෙයිමෝස් ගැනද සොයාබලා මේ යානය මහපොළොවට එන්නේ 2029දීය.