2020 දෙසැම්බර් 05 වන සෙනසුරාදා

ඕස්ට්‍රේලියාවේ ගිම්හාන ලැව්ගින්න

 2020 දෙසැම්බර් 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 77

මෙවර ඕස්ට්‍රේලියාවේ ගිම්හානය ආරම්භ වන මුල් අවස්ථාවේදීම හමාගිය ප්‍රචණ්ඩ කුණාටුවක් නිසා නිව් සවුත් වේල්සයේ ඈෂ්ෆීල්ඩ්හි උරුම ගොඩනැගිල්ලක් ගින්නට හසුවී විනාශ වී තිබේ.

මෙම නගරයේ පිහිටි එම ඓතිහාසික ආගමික ගොඩනැඟිල්ලේ සීනුව සවිකර ඇති කුලුන සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත. මේ කුණාටුව නිසා නිවාස 20,000කට විදුලි බලය අහිමි වී ගොස් ඇත. ගොඩනැගිල්ලේ ගින්න හටගෙන ඇත්තේ අකුණක් වැදීම නිසාය. පසුගිය වසරේද දරුණු ලෙස ලැව්ගිනි බලපෑ අතර හෙක්ටයාර මිලියන 24ක් පමණ විනාශ වී ගොස් තිබුණි. නිවාස 3000ක් පමණ විනාශ වී තිබුණු අතර සතුන් බිලියනයක් පමණ මියගොස් හෝ අවතැන් වී තිබුණු බවද වාර්තාවන්හි දැක්වෙයි. පුද්ගලයන් 33කටද දිවි අහිමි වී ඇත.

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරට නොවැම්බරයේ වාර්තා වූ ඉහළම උෂ්ණත්වය වාර්තා වී තිබේ. ඒ අනුව රාත්‍රී කාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 25.4ක් ලෙස වාර්තා වී ඇති අතර දහවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 දක්වා ඉහළ ගොස් ඇත. වික්ටෝරියා ප්‍රාන්තයේ සහ දකුණු ඕස්ට්‍රේලියාවේද මෙලෙස උෂ්ණත්වය ඉහළ ගොස් තිබේ.

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:05