2020 දෙසැම්බර් 05 වන සෙනසුරාදා

මහා දුරේක්ෂය කඩා වැටෙයි

 2020 දෙසැම්බර් 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 49

වසර 57ක් තිස්සේ තාරකා විද්‍යාත්මක නව සොයාගැනීම් රැසකට මඟසැලැසූ ඇරෙසිබෝ නිරීක්ෂණ දුරේක්ෂය කඩා වැටී ඇත.

පුවර්ටෝ රිකෝහි පිහිටි මීටර් 305කින් යුත් ඇරෙසිබෝ නිරීක්ෂණ දුරේක්ෂයේ උපකරණ සහිත පදනම එක් රුයකින් කඩා වැටුණු බව ජාතික විද්‍යා පදනම  ප්‍රකාශ කළේය. මෙම දුරේක්ෂයේ ටොන් 900කින් සමන්විත උපකරණ කට්ටලය මීටර් 137ක පළලින් යුක්ත  ඩිෂ් එක මතට කඩා වැටී ඇත. පෘථිවියේ පිහිටි ප්‍රබල දුරේක්ෂයක් වශයෙන් මේ උපකරණය සුළි සුළං, භූමිකම්පා සහ නිවර්තන කුණාටු රැසකට මුහුණ දෙමින් සේවය සැලැසීය. 1974 දී ඇරෙසිබෝ ගුවන් විදුලි දුරේක්ෂය මගින් M13 නමින් හැඳින්වෙන තාරකා 300,000 කින් සමන්විත තරු පොකුර වෙත ගුවන්විදුලි පණිවිඩයක් යවනු ලැබුවේ පිටසක්වල ජීවින් ඇත්දැයි දැනගන්නටය. ජේම්ස් බොන්ඩ්ගේ ජනප්‍රිය චිත්‍රපටයක වන ගෝල්ඩන් අයි සහ තවත් හොලිවුඩ් චිත්‍රපට කිහිපයකටම මේ දුරේක්ෂය පසුබිම් කරගෙන ඇත. මේ නිරීක්ෂණ දුරේක්ෂය ලොව ඇති ඒ වර්ගයේ විශාලතම එකය.

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:05