2020 නොවැම්බර් 21 වන සෙනසුරාදා

ජොන්සනුත් පැටලුන එංගලන්ත කොරෝනා මගඩිය

 2020 නොවැම්බර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 112

එංගලන්තයේ අගමැති බොරිස් ජොන්සන්ගේ නමත් ගෑවුණු මහා පරිමාණ මුව ආවරණ, අත්වැසුම් සහ සිරුරු ආවරණ ජාවාරමක් ගැන ආන්දෝලනාත්මක වාර්තාවක් එළියට විත් තිබේ. එරට විගණකාධිපතිවරයා හෙළිකළ වාර්තාවට අනුව මේ මගඩිය මගින් ගසා කෑ මහජන මුදල් ප්‍රමාණය පවුම්  බිලියන 18කට ආසන්නය. කොවිඩ් 19න් තදින්ම බැට කන එංගලන්තයේ කොවිඩ් පළමු රුල්ල සමයේ සිදුවූ මේ මහජන මුදල් ගසා කෑ මගඩියේ මහ මොළකරු ෆ්ලෝරිඩාවේ රන් අබරණ සලසුම්කරුවකු වන මයිකල් සෙයිගර්ය.

මුව ආවරණ මගින් ගසා කෑමේ මගඩියේ වගඋත්තරකරැවන් හැටියට බොරිස් ජොන්සන්ගේ හිටපු ආරක්ෂක ලේකම් ප්‍රධාන ඇමැතිවරැ කිහිපදෙනෙකුගේම නම් කියැවේ. ජොන්සන්ගේ නමද ප්‍රධානය. මෙහිදී පවුම් බිලියන 10.5ක් වටිනා රජයේ ටෙන්ඩර් 1300ක් නිසි ටෙන්ඩර් ක්‍රමවේදයකින් තොරව ලබාදී තිබේ. ඇමතිවරැන්ට සම්බන්ධකම් ඇති අයවලුන්ට ටෙන්ඩර් ලබාදීමට වෙනමම ප්‍රභූ ප්‍රසම්පාදන මාර්ගයක් (VIP Procurement Route) හඳුන්වා දී ඇති බවද විගණකාධිපති වාර්තාව කියයි. එයට අනුව  නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය හරහා ලබාගත් ටෙන්ඩර් සංඛ්‍යාව 1කටත් අඩුය. එය 14,892 කින් 104ක් පමණි. ඇමතිවරැන් හඳුන්වා දුන් විශේෂ ප්‍රභූ ටෙන්ඩර් ක්‍රියාවලිය හරහා 10ක පමණ ටෙන්ඩර් ප්‍රමාණයක් ලබාගෙන ඇත. එය 493කින් 47කි.


මේ අනුව ජනවාරි සහ ජූලි අතර කාලයේ ටෙන්ඩර් 8600ක අතයට ගනුදෙනු සිදුව ඇත. මේ සඳහා පවුම්  බිලියන 18ක් වැයවූ අතර එයින් පවුම් 17ක්ම වැය වී ඇත්තේ අලුත් ටෙන්ඩර් සඳහාය. ඒ අතරින්ද පවුම් බිලියන 12ක්ම වෙන්ව ඇත්තේ පුද්ගලික සෞඛ්‍යාරක්ෂිත උපකරණ ගෙන්වීමටය. මෙලෙස ඇස්වසා ගෙන්වා ඇති මුවආවරණ, අත් වැසුම් සහ සිරුරු ආවරණ සහිත පුද්ගලික සෞඛ්‍යාරක්ෂිත උපකරණ කිසිවක් භාවිතයට ගතහැකි තත්ත්වයේ නොපැවැති බව විගණන වාර්තාව කියයි.

මහ මොළකරු මයිකල් ව්‍යාජ සමාගම් ලියාපදිංචි කරමින් සිදුකළ මේ මගඩියේදී සිය අතරමැදියා ලෙස ස්පාඤ්ඤ ජාතික ගේබ්‍රියෙල් ගොන්සාලේස් නමැත්තා යොදාගන ඇති අතර ඔහුට පවුම් මිලියන 21ක් වටිනා මහජන මුදල් මේ මගඩිය ගෙන යාම සඳහා මූලිකව ගෙවා තිබුණි. සීඝ්‍රව පැතිර ගිය කොවිඩ් අවදානම හමුවේ මුවආවරණ ඇතුළු පුද්ගලික සෞඛ්‍ය ආක්ෂිත උපකරණ හිඟයකින් තොරව ලබා ගැනිමේ හදිසි අවස්ථාවක් මතුවූ අතර ඒ අනුව මේ හදිසි මිලදි ගැනීම් සිදුකළ බව වෙළඳ ලේකම් අලෝක් ෂර්මා කියා ඇත. ඒ අවස්ථාවේ මේ උපකරණ ලබා ගැනීමට පැවැති දැඩි පීඩනය යටතේ මෙම හදිසි ගනුදෙනු සිදුවු බව ඔහු කියා තිබේ.

මහජන මුදල් ගසා කෑ මේ කොවිඩ් මගඩිය හෙළදරව් වූයේ මයිකල් සහ අතරමැදියා අතර ගෙවීම් සම්බන්ධයෙන් ඇතිවූ මත භේදයක් මත බව දැන් වාර්තාගතය. දැනට   දෙවැනි වරටත් කොවිඩ් 19 නිරෝධායනයට ලක්ව සිටින අගමැති බොරිස් මෙන්ම ඔහුගේ රජයේ ප්‍රමුඛයන් වන රජයේ ස්වේච්ඡා උපදේශක ශ්‍රීමත් ෆෙල්ඩ්මන්, ශ්‍රීමත් බෙතෙල්, මයිකල් ගොව් සහ ඩොමිනික් කමින්ග්ස් ඇතුළු ප්‍රබලයන් රැසකගේ නම් මේ ජාවාරම සමග ගෑවී හමාරය.

 

සංස්කරණය:  සුගත් පී. කුලතුංගආරච්චි

 

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:05