2020 නොවැම්බර් 21 වන සෙනසුරාදා

විකිලීක්ස් ලොක්කා කොරෝනා කුටියක!

 2020 නොවැම්බර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 106

මේ වනවිට වසරකට වැඩි කාලයක් ලන්ඩන් හිරගෙයක සිරබත් බුදින WikiLeaks වෙබ් අඩවියේ නිර්මාර්තෘ ජුලියන් අසාන්ජේ - Julian Assange  ගේ ජීවිතය ඉතා අනතුරුදායක අඩවියක පවති. ඒ ඔහු රඳවා ඇත්තේ කොරෝනා කුටියක වීම නිසාය.

ඉක්වදෝර තානාපති කාර්යාලයේ සිටියදී 2019 අප්‍රේල් මාසයේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු රඳවා තබා තැබුණේ ඊසානදිග ලන්ඩනයේ  බෙල්මාර්ෂ් සිර කඳවුරේ අංක එක වාට්ටුවේය. දැන් එම වාට්ටුවේ තිදෙනෙකුටම කොවිඩ් 19 ආසාදනය වීමෙන් අනතුරුව එය මේ වනවිට සීල් කර ඇත. ඔවුනට ව්‍යායාම ගැනීම සහ ස්නානයද තහනම් කර ඇත. රැඳවියන්ගේ ආහාර කෙලින්ම කුටියටම ලබා දේ.

ඔහුගේ සහකාරිය වන ස්ටෙලා මොරිස් පවසන ආකාරයට එය දරුණු ගණයේ අපරාධකරුවන් රඳවා තබනා සිරකුටියකි. එය සිරකරුවන් නිතර සියදිවි හානි කරගන්නා තැනකි. ජුලියන් අසාන්ජේ 2012 ඉක්වදෝර තානාපති කාර්යයාලයේ රඳවා තබා ගැනීමේ සිට මේ දක්වා අවුරුදු 08ක “සිර ජීවිතයක්” ගෙවා ඇති අතර ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය මේ වනවිට ඉතා පහළ අඩියකට වැටී ඇතැයි ස්ටෙලා මොරිස් පවසයි.