2020 නොවැම්බර් 21 වන සෙනසුරාදා

සතියට ජනපතිවරු තුන්දෙනයි!

 2020 නොවැම්බර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 53

සතියක් තුළ ජනාධිපතිවරුන් තිදෙනෙක් දිවුරුම් දුන් රටක් ගැන දකුණු අමෙරිකාවෙන් වාර්තා වෙයි. ඒ පේරු රාජ්‍යයයි.
රටේ නවතම ජනාධිපති ලෙස ඉංජිනේරුවෙකු මෙන්ම හිටපු ලෝක බැංකු නිලධාරියෙකු ද වන ෆ්‍රුන්සිස්කෝ සගාස්ති පසුගිය අඟහරුවාදා දිවුරුම් දීමත් සමග මේ දේශපාලනික වාර්තාවට එරට හිමිකම් කිවේය.

මීට පෙර ජනාධිපතිධූරය හෙබවූ මාර්ටින් විස්කාරා පසුගිය නොවැම්බර් 9 වැනිදා දෝෂාභියෝගයක් පරාජයට පත්වීමෙන් ධුරය හැරගියේය. ඉන් අනතුරුව ජනාධිපති ධුරයට තේරී පත්වූයේ මැනුවෙල් මෙරීනෝයි. ඔහු දින 5කින් සිය ධුරයෙන් ඉල්ලා අස්විය. ඉන් අනතුරුව 76 හැවිරිදි සගස්ති ජනාධිපතිධුරයට තේරී පත්වූයේය. ඒ අනුව අඟහරුවාදා දිවුරුම් දුන් ෆ්‍රුන්සිස්කෝ සගාස්ති වසර පහක් තුළ එරට පත්වූ සිව්වැනි ජනාධිපතිවරයා වන්නේය. ඔහු ලබන වසරේ ජූලි මාසය වනතෙක් ජනාධිපති ධුරය හෙබවීමට නියමිතය. ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ එළඹෙන අප්‍රේල් 11 වැනිදාය. ඒ පේරු රට තුළ දේශපාලන ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම බිඳවැටී ඇති පසුබිමකය. ඒ අනුව ෆ්‍රුන්සිස්කෝ සගාස්තිට එරට ව්‍යාකූලත්වයෙන් මුදවාලීමට මාස 5ක කාලයක් ඇත.