පිලිපීනයේ විනිසුරුවරියක් වෙඩි තබා ඝාතනය කර තිබේ. ඒ මැනිලා අගනුවරදී මහ දවාලේදීය. ඇයගේ අධිකරණ ලිපිකු විසින් එම වෙඩි තැබීම සිදුකර ඇති බවත් ඉන් අනතුරුව ඔහුද වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන ඇති බවත් වාර්තා විය.
මියගොස් ඇත්තේ මැනිලා අධිකරණයට අනුයුක්තව සේවය කළ මා තෙරේසා නම් 44 හැවිරිදි විනිසුරැවරියකි. එම විනිසුරුවරියගේ කාර්යාලය තුළදී වෙඩි තැබීම සිදුව ඇත. වෙඩි තැබීම සිදුකළ තැනැත්තාද නීතීඥවරයෙකි. ඔහු කොවිඩ් ආසාදිතයෙක් බවත් කාර්යාලයීය කටයුතු නිසි ආකාරයෙන් නොකිරීම සම්බන්ධයෙන් විනිසුුරු වරිය විසින් ඔහුට අවවාද කර ඇති බවත් සඳහන් වේ.
පිලිපීන ජනාධිපති රොද්රිගේ ඩුටෙර්තේගේ පාලන කාලය තුළ විනිසුරැවරැන් 8 දෙනෙකු පමණ මේ වනවිට ඝාතනයට ලක්ව ඇත.