2020 නොවැම්බර් 14 වන සෙනසුරාදා

මරණ වැඩි අමෙරිකාවේ ජංගම මෝචරි!

 2020 නොවැම්බර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 46

මේ වනවිට කොරෝනා රෝගය නිසා ඇමරිකාවේ දිනපතා මියයන සංඛ්‍යාව අධිකය. ඉකුත් බ්‍රහස්පතින්දා වනවිට මියගිය ගණන +247,398කි. මෙලෙස අධික ලෙස මරණ  සිදුවන ඇමරිකාවේ එම මළසිරුරු සඳහා පශ්චාත් පරීක්ෂණ කිරීමට වේලා මදිවීමත්   භූමිදානය කරන්නට පවතින ශ්‍රම හිඟය හා කල්වේලා මදිකම නිසාත් මළසිරැරැ ගොඩ ගැසී පවතියි.

මේ නිසා මළසිුරුරු ගොඩගැසීම වළක්වමින් එය කළමනාකරණය කර ගනිමින් පවතින අපහසුතාව වළකාලන්නට අධි ශීතකරණ සවිකළ ජංගම මෝචරිවල සහාය දැන් ලබාගෙන ඇත. ටෙක්සාස්හි එල් පැසෝහි ප්‍රාන්ත වෛද්‍ය පරීක්ෂක කාර්යාලයේ අසල  අධි ශීතකරණ සවිකළ ට්‍රේලර් යන්ත්‍ර නවතා තිබූ අයුරු මාධ්‍ය වෙත නිකුත් වී තිබුණි.

එක්සත් ජනපදයේ ටෙක්සාස් වැඩිම කොරෝනා වයිරස් රෝගීන් වාර්තා වී ඇති ප්‍රාන්තයයි. ටෙක්සාස් එල් පැසෝහි මෑතකදී කොරෝන වයිරස් මරණ සැකසීම සඳහා භාවිතා කරන ජංගම මෝචරි ගණන දෙගුණ කළේය. වැඩිම සක්‍රීය රෝගීන් සංඛ්‍යාවක් සිටින මෙම ප්‍රදේශයේ ජංගම මෝචරි 10ක් දැන් පිහිටුවා ඇත.

එල් පැසෝහි කොරෝන වයිරස් රෝගීන් මෙතරම් වේගයෙන් මියයාම ගැටලුකාරී වී ඇති අතර දේශීය ප්‍රවෘත්ති මධ්‍යස්ථානයක් වන කේ.එෆ්.ඕ එක්ස් වාර්තා කළේ මරණ වේගය නිසා වෛද්‍ය පරීක්ෂකයින්ට වැඩ බර දරා ගැනීමට නොහැකිව ඇති බවකි.