චීනයේ කොරෝනා වයිරස ව්‍යාප්තිය නැවත හිස ඔසොවා එන ලකුණු පහළවී තිබියදීත් එරට වාර්ෂිකව පැවැත්වෙන විලාසිතා දැක්මක් සුපුරුදු ලෙස ආරම්භකර ඇත.
සංවිධායකයින් සඳහන් කරන්නේ එය දින නවයක් පුරා පැවැත්වෙන බවයි. 2021 වසරේදී වෙළෙඳපොළට හඳුන්වා දීමට නියමිත නවතම විලාසිතා මෙහිදී ප්‍රදර්ශනය කෙරෙයි. බීජිං නුවරදී පැවැත්වෙන මෙම විලාසිතා දැක්මට නරඹන්නන්ටද සහභාගී වීමට අවස්ථාව ලබාදී ඇති අතර ඔන් ලයින් තාක්ෂණය ඔස්සේද ඊට සම්බන්ධ විය හැකිය. සංවිධායකයින් නිවේදනය කරඇත්තේ විලාසිතා එළිදැක්වීම් සියයක් පමණ මෙම දින නවය තුළ සිදු කෙරෙන බවයි. චීන විලාසිතා නිර්මාණකරැවන්ට අමතරව බ්‍රිතාන්‍ය හා පේරැ රාජ්‍යයේ නිර්මාණකරුවන්ද මෙයට එක්ව ඇත.