2020 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා

නාසා ආයතනය ග්‍රහකයකට බසී

 2020 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 177

පසුගිය ඔක්තෝබර් 20 වැනිදා  නාසා අභ්‍යවකාශ වැඩසටහන් ඉතිහාසයේ සුවිශේෂී දිනයක් ලෙස සටහන් වූයේය. නාසා ආයතනය යැවූ  ඔසිරිස්-රෙක්ස් - OSIRIS-REx  නමැති රොබෝ ගවේෂණ යානය වසර 4කට පෙර සිය ගමන ඇරඹූ ඉලක්කය වෙත සාර්ථකව ළඟා වීමත් සමඟිනි.

නාසා ආයතනය 2016 සැප්තෑම්බරයේ යැවූ මෙම කුඩා වෑන් රථයක් තරමේ ඔසිරිස් රෙක්ස් යානයේ ඉලක්කය වූයේ ග්‍රහලොවක් නොව ග්‍රහකයකි. එය දියමන්තියක හැඩය ගත්, අධික වේගයකින් ගමන් යන බී කාණ්ඩයට අයත් ග්‍රහකයක් වූ ‘බෙන්නූ’ Asteroid Bennu ය. එදා සිය ඉලක්කය කරා ගිය ‘ඔසිරිස් රෙක්ස්’ යානය කුඩා වාහන නැවතුමක් තරමේ   ඉඩකඩ ඇති අඩි 52ක් තරම් පුංචි ප්‍රදේශයකට ළඟා වී එය මතට අඩි 11ක පමණ දිගු වූ රොබෝ අතක් යොමුකර ‘බෙන්නූ’ මත වසර බිලියන ගණනක් එපිට ඈත අතිතයේ සූර්යය ග්‍රහ මණ්ඩලය උපන් අවදියේ සිට රැඳී තිබූ දූවිලි සහ පාෂාණ අවුස්සා එයින් සාම්පල තොගයක් එක්රැස් කර ගත්තේය. මීට වසර බිලියන 4.5කට පෙර මහපොළොව උපන් කාලයේ මූලික අමුද්‍රව්‍ය “බී” කාණ්ඩයේ ග්‍රහකයක් වන නිසා ‘බෙන්නූ’ මත වෙනසකට ලක් නොවී යහමින් පවතිනු ඇතැයි සැලකේ. මේ නාසා ආයතනය ග්‍රහකයක් මතට ගොඩ බැස්ස පළමු අවස්ථාවයි. එසේම සඳ ගමනින් පසු අභ්‍යවකාශ වස්තුවක් මතින් ලබාගත් විශාලතම සාම්පල ප්‍රමාණය එක්රැස් කර ගත් මුල්ම අවස්ථාවයි.

මහපොළොවේ සිට සැතපුම් මිලියන 207කට එපිටින් ‘බෙන්නූ’ පිහිටා ඇති අතර එහි කක්ෂයේ සිට මේ ගොඩබෑමට හෙවත් ග්‍රහකය මතට කිට්ටු කිරීමට පැය 4.5ක් පමණ ගතවිය. මේ නාසා යානය ගොඩබැස්ස අඩි 52ක් තරමේ ඓතිහාසික බිම්කඩ “නයිටින්ගේල්” නමින් හඳුන්වා ඇත. එය මෙම අභ්‍යවකාශ ගල් පර්වතය හෙවත් ග්‍රහකයේ  උතුරැ ධ්‍රැවය ආශ්‍රිතව පිහිටි පැහැදිලි බිම්කඩකි. පීඩනයට ලක්කළ නයිට්‍රජන් වායූ දහරාවක් විද හැර ඇවිස්සුන ධූලී සහ පස් කැට කැබලිති උරා ගත් මේ ඓතිහාසික සාම්පල එකතුවට ගතවී තිබුණේ තත්පර 5-10ත් අතර පුංචි කාලයකි. එහිදී එකතු කර ගත් ධූලී සහ පස් කැට කැබලිති සාම්පලය සැලසුම් කර ඇති ආකාරයටම ඉදිරිගමන සිදුවුවහොත් 2023 වසරේ සැප්තැම්බර් 24දා පෘතුවියට ලබාදෙනු ඇත.

මෙම එක්සත් ජනපද නාසා ආයතනයේ මෙහෙයුමට පෙර ජපානය හයබුසා 2 නමින් හැඳින්වෙන මෙහෙයුමක් සිදු කළේය. එමගින් වසර බිලියන 4.5 ක් පැරණි රියුගු ග්‍රහකයෙන් ධූලී සහ පස් කැට කැබලිති සාම්පලයක් ලබා ගත් අතර එම යානය ඒවා ද
රැැ ගෙන ලබන දෙසැම්බර් මාසයේදී පෘතුවියට පැමිණීමට නියමිතය. නාසා ආයතනය මීට පෙර වල්ගා තරැ මතට බැස එයින් සාම්පල ගත්තේය. සූර්යය සුලං අතරට වැදී එම සාමිපල ද ලබාගත්තේය. මිලියනයක් තරම් වූ දන්නා කියන ග්‍රහක අතරින් එකක සාම්පලයක් ගන්නටද  දැන් සමත්ව තිබේ. ඔවුන් මේ සොයන්නේ මිහිමත ජීවය බිහි වූ හැටිය.

 

සංස්කරණය: 
සුගත් පී. කුලතුංගආරච්චි

 

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:05