කැතේ පැසිෆික් එයාර්වේස් ගුවන් සමාගමට අයත් අනු සේවා සමාගමක් වන කැතේ ඩ්‍රැගන් සමාගම වසා දැමීමට තීරණය කර ඇත. ඒ අනුව, එහි රැකියාවේ නියුතුව සිටි 8,500 කට දැන් පාරට බසින්නට සිදුව තිබේ.
චීනයට සහ තවත් ආසියානු රටවල් කිහිපයකට කැතේ ඩ්‍රැගන් ගුවන් යානා ප්‍රධාන වශයෙන් සේවා සැපයීය. හොංකොංහි මූලස්ථානය පිහිටි කැතේ පැසිෆික් සමාගම පවසන්නේ මව් සමාගම සතු යානා ඉන් සමහර ගමනාන්ත සඳහා යොදවන බවය.
ලොව පුරා පැතිර ඇති කොවිඩ් -19 වසංගතය හේතුවෙන් බොහෝ ගුවන් සමාගම් උග්‍ර මූල්‍ය අපහසුතාවලට පත්ව සිටී.
සේවකයන් සඳහා විශේෂ නිවාඩු ක්‍රමවේද හඳුන්වාදීම, විධායක නිලධාරීන්ගේ වැටුප් අඩු කිරීම සහ ගුවන්යානා මිලදී ගැනීම පමා කිරීමෙන් වියදම් අඩුකර ගැනීමට එම සමාගම මේ වනවිටත් කටයුතු කර තිබේ. එසේම හොංකොං රජයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 5ක මූල්‍ය ප්‍රතිපාදනයක් කැතේ සමාගමට පසුගිය ජුනි මාසයේදී ලැබුණි. එහෙත්, එම ගුවන් සමාගම මාසිකව ඩොලර් මිලියන 60ක පාඩුවක් ලැබීය. ඒ අනුව කැතේ ඩ්‍රැගන් සමාගම වසා දැමීමට තීරණය කර ඇත.