ජපාන සමාගමක් දැවැන්ත රොබෝවක් නිර්මාණය කර තිබේ. එය ජීවමාන මිනිසෙක්ගේ හැඩරුව දරයි. අඩි 60ක් පමණ උසැති සහ බරින් ටොන් 24ක් පමණ වන මෙම රොබෝව වානේ සහ කාබන්-ෆයිබර් ප්ලාස්ටික් මිශ්‍රණයක් යොදාගෙන නිර්මාණය කර ඇත. ඒ සඳහා කොටස් 200ක් පමණ එක්කර ඇත.
ජපානයේ යොකොහාමා නගරයේදී එම නව නිපැයුම ඉකුත්දා අත්හදා බලා ඇත. ට්විටර් ඔස්සේ හුවමාරු වෙමින් ඇති වීඩියෝවක දැක්වෙන්නේ එම යෝධ රොබෝව අන් අයට ආචාර කරමින් ඇවිද යන ආකාරයයි.