2020 සැප්තැම්බර් 26 වන සෙනසුරාදා

දහවරක් එවරස්ට් නැග්ග ’’හිම දිවියා’’ සමුගනියි!

 2020 සැප්තැම්බර් 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 109

ලෝකයේ උස්ම මුදුණ සහිත එවරස්ට් කන්ද 10 වරක් තරණය කළ පළමු පුද්ගලයා වන නේපාලයේ "අන්ග් රීටා ශර්පා" මියගොස් තිබේ. ලොව උසම කඳු මුදුන ලෙස සැලකෙන එවරස්ට් උසින් අඩි 29,035කි. 1983ත් 1996ත් අතර කාලයේදී දස වරක් එය තරණය කිරීමට ඔහු සමත් වී තිබේ. ඔහු එම ගමන්වලදී ඔක්සිජන් බෝතල් භාවිත කර  නොමැතිවීම සුවිශේෂී දක්ෂතාවයකි. 

කඳු තරණයට ඔහු දැක්වූ ඉහත කී දක්ෂතාව හේතුවෙන් "අන්ග් රීටා ශර්පා" "හිම දිවියා" යන අනවර්ථ නමින් ද ප්‍රකටව සිටියේය.

කාලයක සිට මොළයේ සහ අක්මාවේ මතුවූ ආබාධ හේතුවෙන් රෝගීව හිටි "අන්ග් රීටා ශර්පා" කත්මන්ඩු හි පිහිටි තම නිවසේදී අවසන් හුස්ම හෙළන විට 72 හැවිරිදි වියේ පසු විය.

 

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:05