2020 සැප්තැම්බර් 26 වන සෙනසුරාදා

කෘත්‍රිම බුද්ධිය දියුණු කරන්නට අරාබි එකතුවක්!

 2020 සැප්තැම්බර් 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 64

කෘත්‍රිම බුද්ධිය පිළිබඳ පර්යේෂණ පුළුල්ව පැවැත්වීම සඳහා ප්‍රමූඛ පෙළේ ලෝක උසස් අධ්‍යාපන ආයතන දෙකක් ඉකුත්දා අවබෝධතා ගිවිසුමක් අත්සන් කළහ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ඊශ්‍රායලයේ ලොව පළමු පෙළේ උසස් අධ්‍යාපන ආයතන දෙකක් මෙයට එක්වූහ. 

අබුඩාබියේ පිහිටා ඇති ලොව ප්‍රථම කෘත්‍රිම බුද්ධි විශ්වවිද්‍යාලය සහ ඊශ්‍රායලයේ සුප්‍රකට වෙයිස්මාන් විද්‍යා ආයතනය එහි පාර්ශ්වකරැවෝය. අරාබි රටවල් 2ක් අතර ඇතිවූ මේ සහයෝගීතාව ලෝකය නව මාවතකට ගෙන යාමට සමත් වන විෂය ක්ෂේත්‍රයකට සම්බන්ධව තිබේ. අනාගත ලෝකයේ ප්‍රධාන විශිෂ්ටත්වයක් වන කෘත්‍රිම බුද්ධිය සඳහා ඒකාබද්ධ ස්ථිර ආයතනයක් පිහිටුවීම මෙම අවබෝධතා ගිවිසුමට ඇතුළත් ප්‍රධාන වගන්තියකි. අන්‍යෝන්‍ය වශයෙන් විවිධාකාර ශිෂ්‍ය හුවමාරු මෙන්ම පර් යේෂණ වැඩසටහන්, පරිගණක සම්පත් බෙදාගැනීම ද මේ මගින් තහවුරැ කර ඇත. 

2019 වසරේදී අබුඩාබියේ පිහිටුවන ලද මොහොමඩ් බින් සයීඩ් කෘත්‍රිම බුද්ධි විශ්වවිද්‍යාලය ලොව ප්‍රථම උපාධි මට්ටමේ පර් යේෂණ පදනම් කරගත් AI විශ්වවිද්‍යාලය වේ. අබුඩාබි හි පදනම්ව තිබෙන විශ්වවිද්‍යාලය පරිගණක දර්ශනය, යන්ත්‍ර ඉගෙනීම සහ ස්වාභාවික භාෂා සැකසුම් යන ක්ෂේත්‍රයන්වල MSc සහ PhD උපාධි හඳුන්වා දෙමින් ආරම්භ කර තිබේ. එහි පළමු ශිෂ්‍ය කණ්ඩායමේ අධ්‍යයනයන් 2021 වසරේ ජනවාරි මාසයේ ආරම්භ වනු ඇතැයි අපේක්ෂා කරන අතර, ආර්ථික හා සමාජ සංවර්ධනය සඳහා කෘත්‍රිම බුද්ධි (AI) ක්ෂේත්‍රයට නව අධ්‍යයන හා පර්යේෂණ ආකෘතියක් හඳුන්වා දෙමින්, ලෝකයේ සමහර උසස් AI පද්ධති සඳහා සිසුන්ට සහ පීඨයන්ට ප්‍රවේශ ලබාදෙමින් තාක්‍ෂණයේ පූර්ණ හැකියාවන් මුදාහැරීමට කටයුතු කරයි.

ඊශ්‍රායලයේ පිහිටි Weizmann විද්‍යා ආයතනය ලෝකයේ ඉහළම පෙළේ බහුකාර්ය පර් යේෂණ ආයතනයක් වන අතර පීඨ පහක් හරහා ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධි ලබා දෙයි. ස්වාභාවික හා නිශ්චිත විද්‍යාවන් පිළිබඳ පුළුල් පරාසයක ගවේෂණය කිරීම සඳහා එය කැපීපෙනෙන විද්‍යා ආයතනයක් ද වේ. ආයතනයේ විද්‍යාඥයන් මානව මොළය, කෘත්‍රිම බුද්ධිය, පරිගණක විද්‍යාව සහ සංකේතනය, තාරකා භෞතික විද්‍යාව (astrophysics) සහ අංශු භෞතික විද්‍යාව (particle physics) පිළිබඳ පර්යේෂණ සිදු කරයි. ඊට අමතරව, ඔවුන් පිළිකා වැනි රෝග සමඟ කටයුතු කරන අතර පාරිසරික, සාගර හා ශාක විද්‍යාවන් හරහා දේශගුණික විපර්යාස ආපසු හැරවීමට ද උපකාරී වේ.

COVID-19 වසංගතයේ සිට ලෝක දේශගුණික විපර්යාස සහ ඉන් ඔබ්බට ලෝකයේ ප්‍රතිඵල විය හැකි වඩාත් දැවැන්ත අභියෝගයන්ට මුහුණදීම සඳහා කෘත්‍රිම බුද්ධිය භාවිත කිරීම සඳහා ආයතන දෙකේම විශේෂඥ දැනුම සාමූහිකව මානව සුබසිද්ධිය සඳහා යොදාගැනීම මෙම අවබෝධතා ගිවිසුම මගින් බලාපොරොත්තු වේ.