මේ එළැඹ ඇත්තේ සාහිත්‍ය වසන්තයයි. කවුරැත් පොත් ගැන උනන්දු වෙන සමයයි. මේ කාලේ එළියට එන පොත් අතරට අලුත්ම පන්නයේ පොතක්ද එක්වීමට නියමිතයි. ඒ අමෙරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමාගේ අලුත්ම මතක පොතයි.
අමෙරිකාවේ ජනාධිපති පුටුවේ වාඩී වූ ප්‍රථම කළු ජාතිකයා වන ඔබාමා රටේ මෙන්ම ලෝකයේද ජනකාන්ත නමක් දිනා ගත් තැනැත්තෙකි. අමෙරිකාවේ මෙතෙක් පහළ වූ ජනාධිපතිවරැන් අතර හොඳ උගත්කමක් ඇත්තෙකි. එසේම ආදර්ශවත් පවුල් ජීවිතයක් ගෙවූ අයෙකි. තවත් වතාවක් බලයට එන්නට අවස්ථාව තිබියදීත් බලය අතහැර නිස්කාංසුවේ ඉදිරි ජිවිතය ගතකරන්නට කලින් සිටම සැලසුම් කළ අපූරු හාදයෙකි. ඔබාමා අධ්‍යාපනය වෙනුවෙන් කැපවූ ලේඛන කලාවට හිතැති තැනැත්තෙකි. දැන් ඔහු තමාගේ මතක පොතේ මුල් කොටස ලියා හමාරය.
පොරොන්දු භුමිය -“A Promised Land,”ලෙස නම්කර ඇති මේ පොත පිටු 768කි. ලෝප්‍රකට Penguin Random House ආයතනයේ ප්‍රකාශනයක් හැටියට එළිදැක්වෙන මේ පොත ස්පාඤ්ඤ, චීන, අරාබි චෙක්, ෆිනීෂියන් සහ වියට්නාම ඇතුළු භාෂා 25කින් එකවර නිකුත් කිරීමට නියමිතය. මේ පොතේ තමන්ගේ දේශපාලන දිවියේ මුල් කාලීන මතක බව ඔබාමා කියා ඇත. 2008 මුල් ජනපතිවරණ සටනේ සිට 2011දී ඔසාමා බින්ලාඩන්ගේ මරණයෙන් කෙළවර වූ කාලසීමාවේ මතක මේ පොතට ඇතුළත්ය. අමෙරිකාවේ පමණක් මෙයින් මුල්වරට පොත් පිටපත් ලක්ෂ30ක් මුද්‍රණයට අදහස් කර ඇත. ඔබාමාගේ පොතේ මේ ඉල්ලුම අහස උසට යන්නකි. මුද්‍රණය නිසි කලට වෙලාවට ලබාදීම සඳහා පොත් මිලියනයක් ජර්මනියේ මුද්‍රණය කර අමෙරිකාවට ගෙන්වා ගැනීමට නියමිතය. ඒ සඳහා කන්ටේනර් 122ක් වෙන් කර ඇති අතර ඒවා රුගෙන එන්නට වෙනම නැව් 3ක් දැනටමත් ලකලෑස්ති කර හමාරය. මෙයට පෙර ඔබාමා සහ ඔහුගේ බිරිය මිෂෙල් ද පොත් පළ කර ඇත. ඔබාමා 1995 දී සිය මුල් පොත පළ කළේ “Dreams From My Father,” නමිනි. ඒ සඳහා ඔහුට අත්තිකාරම් ලෙස පමණක් ඩොලර් 40000ක් ලැබුණු බව කියයි. මිෂෙල් පළ කළ “Becoming,”ග්‍රන්ථය පමණක් ලක්ෂ 81 ක් අලෙවි විය.
ඔබාමා අලුත් පොත ලියන්නට ඇරඹුවේ ජනපති පදවියෙන් ඉවත් වූ හැටියේමය. වසර ගණනක ධවල මන්දිර අත්දැකීම් ලියා අහවර කිරීමෙන් පසු හිතට දැනෙන්නේ මහත් සැහැල්ලුවක් බව ඔබාමා කියා තිබේ. කෙසේ වුවත් ඔබාමා පොත එළිදක්වන්ට යන්නේ අමෙරිකාවේ 2020 ජනාධිපතිවරණයට පසු නොවැම්බර් 17දාටය.