2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා

අමෙරිකාවේ අලුත් හමුදාව Robot-dogs

 2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 154

අමෙරිකානු හමුදා සඳහා අලුත්ම භට පිරිසක් එක්ව සිටිති. මේ සුනඛ හමුදාවකි. ඉදිරි පෙළ ඔත්තු බලන පෙරගමන්කරුවන් ලෙස ක්‍රියා කරන මේ සුනඛ හමුදාව මුළුමනින්ම යකඩින් තැනූ රොබෝ හමුදාවකි.

පසුගියදා නෙවාඩා කතරේදී රොබෝ සුනඛ බලඇණියක් සිය මංගල මෙහෙයුම සාර්ථකව නිමා කරන්නට සමත් වූහ. අමෙරිකා ගුවන් හමුදාවට අනුයුක්තව කටයුතු කරන මේ රොබෝ සුනඛ භට පිරිස කෘත්‍රිම බුද්ධිය සහ ඉක්මන් දත්ත විශ්ලේෂණ හැකියාවකින් යුක්ත නව තාක්ෂණයේ විස්මිත නිමැවුමකි. අමෙරිකානු භූමියට සහ එහි වත්කම්වලට සිදුවන තර්ජන ගැන සොයා බැලීමේ සුවිශේෂී හැකියාව මොවුන් සතු බව කියයි.

මිනිස් භටයන් සටනට එන්නට පෙර භූමිය පිරික්සීමට යන මේ සුනඛ හමුදාව අවට පරිසරය ගැන හොඳ දර්ශනයක් ඔවුන්ට ලබා දෙයි. මිනිසුන් රහිත ගොඩබිම් වාහනයක් හැටියට මේ සුනඛයන් හඳුන්වා දෙන්නේ ඔවුන්ගේ නිෂ්පාදකයා වන පිලඩෙල්පියාවේ Ghost Robotes ආයතනයයි. ඔවුන් මේ රොබෝ සුනඛයන්ට Vision 60UGV යන නම ලබා දී ඇත.

 

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:05