
දශක 6 කට ආසන්න කාලයක් ප්‍රවීණ දේශපාලනඥයෙකු ලෙස කටයුතු කළ ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු මෙන්ම හිටපු ජනාධිපතිවරයකු වූ ප්‍රනාබ් මුඛර්ජි අභාවප්‍රාප්ත විය. මියයන විට ඔහුගේ වයස 84කි. කොරෝනා ආසාදිතව හමුදා රෝහලක ප්‍රතිකාර ලැබූ ඉන්දීය හිටපු ජනාධිපතිවරයා පසුගියදා මොළයේ සැත්කමකටද මුහුණ දුන්නේය.
වසර 2012 සිට 2017 වසර දක්වා ඉන්දියාවේ 13 වැනි ජනාධිපතිවරයා ලෙස පදවිය දැරෑ ප්‍රනාබ් මුඛර්ජි ඉන්දියානු ජාතික කොංග්‍රසයේ ජ්‍යෙෂ්ඨ නායකවරයෙකු හා ඉන්දියානු රජයේ අමාත්‍යධූර ගණනාවක් හොබවා ඇති දේශපාලනඥයෙකි. 2012 ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීමට පෙරාතුව ඔහු 2009-2012 අතර කාලය තුළ ඉන්දියාවේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.
වර්තමාන බටහිර බෙංගාලයේ බිර්භම් දිස්ත්‍රික්කයේ මිරාතිහී, බෙංගාලි බ්‍රාහ්මී පවුලකට දාව ප්‍රනාබ් මුඛර්ජි උපත ලැබීය. ඔහුගේ පියා ඉන්දීය නිදහස් අරගලයේ ක්‍රියාධරයෙකු හා 1952-1964 කාලය තුළ බටහිර බෙංගාල ව්‍යවස්ථාදායක සභාවේ ඉන්දියානු ජාතික කොංග්‍රස් නියෝජිතයකු විය. ඔහුගේ මව රාජලක්ෂ්මීය.
සිය මූලික අධ්‍යාපනය සූරි හී සූරි විද්‍යාසගර් විද්‍යාලය වෙතින් හැදෑරෑ ඔහු, පසුව කොල්කටා විශ්වවිද්‍යාලයට ඇතුළත්ව දේශපාලනවේදය හා ඉතිහාසය වෙනුවෙන් වූ එම්.ඒ. උපාධිය හා නීති පීඨයෙන් එල්.එල්.බී උපාධිය හිමිකරගන්නා ලදී. මුඛර්ජි 1957 ජූලි 13 වැනි දිනදී බංග්ලාදේශය තුළදී උපත ලත් සුර්වා මුඛර්ජි හා විවාහ වන ලදී. ඔවුනට පුතුන් දෙදෙනකු සහ එක් දියණියක වේ. ඔහු ඉන්දියාවේ විශිෂ්ටතම සිවිල් සම්මාන වන පද්ම විභූෂණ සහ භාරත් රත්න යන සම්මානවලින් පිදුම් ලැබූ අයෙකි.
1969 වසරේදී එවක අග්‍රාමාත්‍ය ඉන්දිරා ගාන්ධිගේ සහාය සමග කොංග්‍රසයෙන් ඉන්දීය පාර්ලිමේන්තුවේ ඉහළ රාජ්‍ය සභාවට තේරී පත්වීම මුඛර්ජිගේ දේශපාලන දිවියේ සුවිශේෂී සංධිස්ථානයකි. එසේ හිමිකරගත් ජනප්‍රසාදයත් සමග ඔහු, ඉන්දිරා ගාන්ධිගේ 1973 කැබිනෙට්ටුවේ තවත් එක් විශ්වාසදායී අමාත්‍යවරයෙකු බවටද පත්විය.
ඉන්දිරා ගාන්ධි මැතිනියගේ පුත් රජීව් ගාන්ධිගේ අග්‍රාමාත්‍ය සමය තුළදී, මුඛර්ජි කොංග්‍රසය තුළ පසෙකට තල්ලු කරනු ලැබ තිබුණි. 1984 වසරේ ඉන්දිරා ගාන්ධිගේ ඝාතනයෙන් පසු ඇගේ තනතුරට පත්වීමට සුදුසු පුද්ගලයා ලෙස ඔහු කැපී පෙනීම ඊට හේතු විය. එවර ඔහු රශ්ත්‍රීය සමාජ්වාදී කොංග්‍රසය නමින් ස්වකීය දේශපාලන පක්ෂයක් ගොඩනගාගත් අතර එම පක්ෂය 1989 වර්ෂයේදී, රජීව් ගාන්ධි සමග පොදු එකඟතාවයකට එළැඹීමෙන් අනතුරැව කොංග්‍රසය හා ඒකාබද්ධ කෙරුණි. 1991 දී පී.වී. නරසිංමා රාඕ විසින් ඔහු ඉන්දීය සැලසුම් කොමිසමේ ප්‍රධානියා ලෙස හා 1995දී ඉන්දියාවේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස පත්කරනු ලැබිණ.
කොංග්‍රසය මූලික කොට ගත් එක්සත් ප්‍රගතිශීලී සන්ධානය (UPA) 2004 වසරේදී බලයට පත්වීමෙන් අනතුරැව ප්‍රථම වරට මුඛර්ජි ලෝක් සභාවේ අසුනක් දිනාගන්නා ලදී. 2012 වසරේදී ඉල්ලා අස්වනතුරැ ඔහු ඉන්දියාවේ මන්මෝහන් සිං රජයේ දෙවැනියා ලෙස ක්‍රියාකරන ලදී. 2012 ජූලි මසදී එක්සත් ප්‍රගතිශීලී සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා බවට පත්වූ ඔහු ජනපතිවරණයේදී 70ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගනිමින් සිය ප්‍රතිවාදියා වූ පී.ඒ. සංමා පහසුවෙන් පරාජයට පත්කොට, ඉන්දියාවේ 13 වැනි ජනාධිපතිවරයා බවට පත්විය.
සංස්කරණය:
සුගත් පී. කුලතුංගආරච්චි