2020 සැප්තැම්බර් 05 වන සෙනසුරාදා

සරුංගලයක පැටලී ගුවන් ගතවූ දැරියක්!

 2020 සැප්තැම්බර් 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 146

තායිවානයේ සිංචු ප්‍රදේශයේ පැවැති සරුංගල් සැණකෙළියක් අතරවාරයේ කුඩා දැරියක් ගුවන්ගත වූවාය. වයස අවුරුදු 3ක එම දැරිය සරුංගලයක පැටලී ගුවනට විසිවී ඇති බව පසුව වාර්තා විය. එම දැරිය විශාල ප්‍රමාණයේ සරුංගලයක වලිගය අල්ලාගෙන සිටින අතරවාරයේ ඒ බව නොදැක එය ගුවන් ගතකර තිබේ.

දැරියද එහි දිගු වල්ගයේ පැටලී මීටර් කිහිපයක් ඉහළට ඇදී ගොස් තිබේ. පසුව ඇය නරඹන්නන් පිරිසක් අතරට ඇද වැටීමේදී ඔවුන් විසින් අල්ලාගෙන ඇත. අනතුරෙන් දැරියගේ මුහුණේ සුළු කැපුම් තුවාලයක් සිදුවීම හැරෙන්නට වෙනත් කිසිදු හානියක් සිදුව නොමැත.