කාම්බෝජයේ දහස් ගණනක් වූ මිනිස් ජීවිත වැනසීමට හා මිනිසුන්ට වධහිංසා සිදු කිරීමට මුල්වූ එරට හිටපු පාලක පක්ෂය වන ‘කෙමරූජ්’ බළකායේ බන්ධනාගාර ප‍්‍රධානියා වන ‘කොම්රේඩ් ඩච්’ හෙවත් කේන් ගුවෙක් එව් ජීවිතාන්ත සිරදඬුවමක් ගෙවමින් සිටියදී මියගොස් තිබේ.
කාම්බෝජයේ වැසියන් මරාදැමීම හා ඔවුනට එරෙහිව දරුණු ලෙස වධහිංසා කිරීම සම්බන්ධයෙන් වරදකරැ වූ ‘කොම්රේඩ් ඩච්’ ට එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් උසාවියක් මගින් ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවමක් හිමිවිය. 77 හැවිරිදි ඔහු කාම්බෝජයේ ප්නොම් - පෙන් නගරයේ පිහිටි කෙමර් - සෝවියට් මිත‍්‍රත්ව රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.
1970 දශකයේ අග භාගයේ කොම්රේඩ් ඩච් විසින් කාම්බෝජයේ ටුවොල් සීයෙන් නමැති නීතිවිරෝධී බන්ධනාගාරයේ රඳවා සිටි වැසියන් 14,000ක් මැරූ බවට හා වැසියන්ට දරුණු ලෙස වධහිංසා කළ බවට චෝදනා එල්ල වී තිබිණි.