2020 සැප්තැම්බර් 05 වන සෙනසුරාදා

රජ පුතුන්ගෙන් ඩයනා පිළිරුවක්!

 2020 සැප්තැම්බර් 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 173

“පොදු ජනතාවගේ කුමරිය” ලෙස කිරුළු පළන් ඩයනා කුමරිය සිහිවීම පිණිස ඇයගේ පිළිරුවක් පිහිටුවීමට තීරණය කර තිබේ. ඒ වේල්ස් හි අදිපාදවරිය වූ ඩයනා කුමරියගේ හැටවන ජන්ම සංවත්සරය වෙනුවෙනි. කේම්බ්‍රිජ් හි ආදිපාද විලියම් සහ සසෙක්ස් හි ආදිපාද හැරී කුමාරවරුන්ගේ නියමය පරිදි මෙම ප්‍රතිමාව ඉදිකෙරෙන බව කෙන්සින්ටන් මාලිගාව නිවේදනය කර ඇත.

මෙම ප්‍රතිමාව ලන්ඩනයේ පිහිටි එම මාලිගය ඉදිරිපිට උද්‍යානයේ ස්ථානගත කිරීමට නියමිතව ඇත්තේ 2021 වසරේ ජුලි මස පළමුවැනිදාය. මෙම ප්‍රතිමාව තනනු ලබන්නේ Ian Rank-Broadley කලාකරැවා විසිනි. එක්සත් රාජධානියේ භාවිත වන සියලුම මුදල් කාසි මත එළිසබත් මහ රැජිනගේ ප්‍රතිමූර්තිය නිමවා ඇත්තේද මෙම චිත්‍රශිල්පියාය. ඩයනා කුමරිය මියගියේ 1997 අගෝස්තු මස 31 වැනිදාය. මිය යනවිට 36 වැනි වියේ පසු වූ ඇය මෙලොව හැරගියේ ප්‍රංශයේ දී සිදුවූ මාරක රිය අනතුරකිනි. ඇය මිය යන විට විලියම් කුමරුගේ වයස අවුරුදු 15ක් විය. හැරී කුමරැ දොළොස් හැවිරිදි විය.