
උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ගැන මේ වසරේ අසන්නට ලැබෙන්නේම අසුබදායක කටකතාය. කිම් ජොන් උන් මේ වසරේ අපේ‍්‍රල් මාසයෙන් පසු දකින්නට ලැබුණේ අල්ප වශයෙනි. ඔහු මරණාසන්න බවට හෝ මියගොස් ඇති බවට මාධ්‍ය තුළ පළවූ ආන්දෝලනාත්මක පුවත් සුනාමිය නිමාව දුටුවේ ඔහු පොහොර කර්මාන්ත ශාලාවක් විවෘත කරමින් පීත්ත පටිය කපන ආකාරය රාජ්‍ය මාධ්‍ය විසින් නිකුත් කිරීමත් සමඟ මෙම මැයි මාසයේදීය. ඒ කාලයේද නිතර කියැවුණේ කිම් වෙනුවට ඔහුගේ සැම්පලයේම හිතුවක්කාර ඒකාධිපතිනියක වන නැගණිය කිම් යෝ-ජොං රටේ බලයට පත්වන්නට යන බවටය. දැන් මේ කතාවට නැවත තටු ලැබී තිබේ.
මේ සතිය මුලදී කිම් ජොන් උන් තම සහෝදරිය උතුරු කොරියාවේ දෙවැනි සේනාධිනායකයා ලෙස උසස් කර ඇති බව වාර්තා විය. 32 හැවිරිදි කිම් යෝ ජොං දැන් එක්සත් ජනපදය හා දකුණු කොරියාව සම්බන්ධයෙන් උතුරැ කොරියානු ප්‍රතිපත්තිය භාරව සිටින අතර ඇයව ඵලදායි ලෙස නියෝජ්‍ය නියෝජිතයා බවට පත් කර ඇති බව එරට ඔත්තු ප්‍රධානීහු කියා තිබුණි. කිම් යෝ ජොං තම සහෝදරයාගේ සමහර බලතල පවරා ගැනීමේ ප්රමුඛ ස්ථානයක සිටින්නියකි.
උතුරු කොරියානු නායක කිම් ජොන් උන් කෝමා තත්ත්වයේ පසුවන බවත් ඔහුගේ සහෝදරිය දැන් උතුරු කොරියාව පාලනය කිරීමට සූදානම් බවත් දකුණු කොරියානු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු විසින් ප්‍රකාශ කර තිබුණේ මේ අතරය. එසේ කීවේ දිවංගත දකුණු කොරියානු ජනාධිපති කිම් ඩේ-ජුන්ග්ගේ හිටපු සහායකයකු වන චැං සොන්ග්-මින් ය.
දේශීය මාධ්‍ය සමඟ අදහස් දක්වමින් චැං සොන්ග්-මින් පැවසුවේ, ‘ඔහු කෝමා තත්වයේ පසුවන බවට මම තක්සේරැ කරමි. නමුත් ඔහුගේ ජීවිතය අවසන් වී නැත.’ ‘‘සම්පූර්ණ අනුප්‍රාප්තික ව්‍යුහයත් පිහිටුවා නැති බැවින් බල රික්තය දිගු කාලයක් ගෙන යා නොහැකි අතර කිම් යෝ-ජොං ඉදිරියට ගෙන එනු ඇතැයි විශ්වාස කළ හැකියි’ යැයි ඔහු කියා තිබුණි.
පසුගිය බ්‍රහස්පතින්දා පැවති රජයේ රැස්වීමකට සහභාගී වූ උතුරු කොරියානු නායක කිම්ගේ පින්තූර උතුරු කොරියානු මාධ්‍ය විසින් නිකුත් කර තිබියදීත් චැං සොං-මින්ගේ ප්‍රකාශය මාධ්‍ය අතරට පැමිණීම විශේෂ කාරණාවකි.