2020 අගෝස්තු 29 වන සෙනසුරාදා

ලෝරා නිසා ලක්ෂ 5ක් අනාථයි!

 2020 අගෝස්තු 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 41

පැයට කිලෝමීටර් 240ක උපරිම වේගයකින් අමෙරිකාවේ ටෙක්සාස් සහ ලුසියානා වෙත කඩා වැදෙමින් ඇති ලෝරා සුළි කුණාටුව  මුහුණ දීමට නොහැකි මට්ටමේ දරුණු  කුණාටුවක් වන ලකුණූ පහළ වී තිබේ. එම සුළි කුණාටුව දිගටම මේ වේගය තබා ගතහොත් එය මෙතෙක් අමෙරිකාවේ දකුණු වෙරළ තීරයට බලපෑ දරුණුතම කුණාටුවක් බවට පත්විය හැකි බව එරට සුළි කුණාටු පිළිබඳ ආයතනය කියයි.

ලක්ෂ 5ක ජනතාවට මේ ප්‍රදේශය හැර යන ලෙස දැනුම් දී ඇත. පසුගියදා (26) එරට වේලාවෙන් ප.ව.11.00ට ටෙක්සාස්හි පෝර්ට් ආතර් නගරයට කිලෝමීටර් 105ක් ගිනිකොන දෙසින් සුළි කුණාටුවේ කේන්ද්‍රය පිහිටා තිබිණි. ලෝරා සහ ඊට කළින් කැරිබියන් කලාපයට බලපෑ මාර්කෝ සුළි සුළඟ නිසා මිනිස් ජීවිත 24ක් අහිමි විය.

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:05