
අප්‍රිකානු රාජ්‍යයක් වන මාලි රාජ්‍යයේ අගනුවරට ආසන්නයේ පිහිටි හමුදා කඳවුරක, හමුදා සාමාජිකයන් පිරිසක් විසින් මාලි රාජ්‍යයේ ජනාධිපති සහ අගමැති බලහත්කාරයෙන් රඳවාගෙන සිටින බවට ආන්දෝලනාත්මක පුවතක් ඉකුත් සතියේ මුල විදෙස් මාධ්‍ය කැලඹුවේය.
ඉකුත් සතියේ මුල මාලි රාජ්‍යයේ කාටි නම් හමුදා කඳවුරේ හමුදා කැරැල්ලක් ඇති විය. අතර එහිදී බලය අත්පත් කරගත් හමුදා බල ඇණි පසුව මාලිහි ජනපති මැදුරට කඩා වැදී එහි සිටි ජනපතිවරයා වන ඉබ්‍රහිම් බුබ්කර් කෙයිටා හා ඔහු සමඟ ඒ මොහොතේ රැඳී සිටි අගමැතිවරයා ඇතුළු ඉහත කී ප්‍රධානීන් ද අත්අඩංගුවට ගෙන රඳවා ගත්හ. එම සිදුවීමෙන් පැය කිහිපයකට පසුව තමා ධූරයෙන් ඉල්ලා අස්වන බවට ජනාධිපති ඊබ්‍රාහිම් බුබකාර් කීටා නිවේදනය කළේය.
පැවති පාර්ලිමේන්තුව ද ඔහු විසින් විසුරුවාහැර ඇත. ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමත් සමඟ මාලි රාජ්‍ය බලය හමුදාව යටතට පවරාගෙන ඇති බව ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
කැරලිකාර හමුදා ප්‍රධානීන්ගේ අත්අඩංගුවට පත් වූ ජනපති ඉබ්‍රහිම් බුබ්කර් කෙයිටා පසුව ජාතිය අමතමින් ප්‍රකාශ කළේ රටේ ආරක්ෂාව හා සාමය ඇති වීම සඳහාත්, ලේ වැගිරීම් ඇති වීම වළක්වා ගැනීම සඳහාත් තමාට මේ හැර වෙනත් තේරීමක් නොතිබූ බවය.
ජිහාද් කැරලිකරුවන් සමඟ පවතින අඛණ්ඩ ගැටුම් හා තමන්ට ලැබෙන වැටුප් සම්බන්ධයෙන් මාලි රාජ්‍යයේ ඇතැම් හමුදා කණ්ඩායම් රඩය සමඟ දැඩි කෝපයකින් පසුවූහ. මේ එම කෝපය දෙදරා ගිය හැටිය. මාලි රාජ්‍යයේ ඇති වී තිබෙන මෙම තත්ත්වය පිලිබඳව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ද රැස් වී සාකච්ජා කිරීමට නියමිතය.