2020 අගෝස්තු 22 වන සෙනසුරාදා

බැංකොක් නුවර මහා උද්ඝෝෂණය!

 2020 අගෝස්තු 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 78

වසර 06 කට පසු  එරටින් වාර්තා වන විශාලතම විරෝධතාවය  තායිලන්තයේ බැංකොක් නුවර මේදිනවල පැවැත්වේ. දස දහසකට අධික පිරිසක් තායිලන්ත රාජ ආණ්ඩුවට එරෙහි මෙම විරෝධතාවලට එක්වී සිටිති.

තායිලන්තයේ අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන් ඕචාගේ රජය ඉල්ලා අස්විය යුතු බව සඳහන් කරමින් පැවැත්වෙන මේ විරෝධතාවය 2014 වසරේ හමුදා කුමන්ත්‍රණයෙන් පසු එරට ඇති වූ විශාලතම උද්ඝෝෂණයයි. වර්තමාන ව්‍යවස්ථාව වෙනස් කළ යුතු බව උද්ඝෝෂකයන්ගේ ප්‍රධානතම ඉල්ලීමකි. විරෝධතාකරුවන් පවසන්නේ, පවතින පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයක් පවත්වා නව පාලනයක් ස්ථාපිත කළ යුතු බවය.