
මරණ 200කට වඩා සිදුවූ ලෙබනනයේ බේරුට් නුවර පිපිරීම හේතුවෙන් ජනතා විරෝධයට ලක්වූ එරට ආණ්ඩුව ඉල්ලා අස්විය. එරට අගමැති හසන් ඩයිබ් රූපවාහිනියෙන් ජාතිය අමතමින් තම රජයේ ඉල්ලා අස්වීම ගැන පවසා ඇත.

රටේ නායකයන්ගේ නොසැලකිල්ල සහ දූෂණය හේතුවෙන් මේ සිද්ධිය හටගෙන ඇතැයි බොහෝදෙනා චෝදනා නඟති. එකදිගට තුන්වැනි දිනටත් විරෝධතාකරුවෝ මහමඟට බැස පොලීසිය සමඟ ගැටුම් ඇති කරගත්හ. නව කැබිනට්ටුවක් ඇති කරගන්නා තුරු වත්මන් ආණ්ඩුවටම භාරකාර ආණ්ඩුවක් මෙන් ක්රියාකරන්නැයි ජනාධිපති මිචෙල් ඉල්ලීමක් සිදුකර තිබුණද උත්සන්න වන ජන අප්රසාදය හමුවේ ඉල්ලා අස්වීමට ආණ්ඩුව තීරණය කර තිබේ. බේරෑට් නුවර වරායේ වසර 6කට ආසන්න කාලයක් රඳවා තිබූ රසායන තොගයක් පිපිරීම නිසා 200ක් පමණ මියගිය අතර 5000කට පමණ අනතුරැ සිදුවිය. ආණ්ඩුවට එරෙහි ජන විරෝධය ඇරඹුණේ එතැන් සිටය.