2020 අගෝස්තු 15 වන සෙනසුරාදා

ඉන්දීය සාගරයට බොර තෙල් ටොන් 1000ක්!

 2020 අගෝස්තු 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 59

ජපාන සමාගමකට අයත් ඉන්ධන නැවක් අනතුරට ලක්වීම හේතුවෙන් එහි තිබෙන බොරතෙල් ප්‍රමාණයෙන් ටොන් 1000ක් පමණ ඉන්දීය සාගර කළාපයේ පිහිටි මොරිසස් දූපත් රාජ්‍ය ආසන්නයේ සාගරයට මුසුවී තිබේ. මේ කාන්දු වූ ඉන්ධන මොරිසස් දූපත් සමූහය ආසන්නයේ පිහිටා ඇති වෙරළ තීරයට සහ කොරල්පර ඇතුළු සමුද්‍ර ජීවීන්ට දැඩි හානියක් ගෙන දෙමින් සිටින බව පරිසරවේදීහු පෙන්වා දෙති.

බොරතෙල් ටොන් 4,000ක් පමණ රැගත් MV Wakashio යනුවෙන් නම්කර ඇති මෙම නෞකාව කොරල් පරයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. ඒ හේතුවෙන් නෞකාව දෙකඩ වීමේ අවදානමක්ද දැන් පවතියි. මොරිසස් රාජ්‍යයේ අගමැතිවරයා සඳහන් කළේ මෝසම් කාලගුණ තත්ත්වයේ වර්ධනයත් සමග ඉදිරියේදී නෞකාවේ පවතින අනෙක් ඉන්ධනද සාගරයට මුසුවීමේ අවදානමක් පවතින බවයි. එවැනි තත්ත්වයක් ඇතිවුවහොත් ඉන්දීය සාගර කළාපයට එය දැඩි තර්ජනයක් වනු ඇති බව පරිසර විද්‍යාඥයින් පෙන්වා දෙති.