2020 ජුලි 25 වන සෙනසුරාදා

තිරුපති කෝවිලේ පූජකවරයාත් කොරෝනාවට බිලි!

 2020 ජුලි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 84

ලංකාවේ ලොකු ලොක්කන්ටත් නිතරම නොයා බැරි ඉන්දියාවේ සුප්‍රකට තිරුපති කෝවිලේ හිටපු ප්‍රධාන පූජකවරයා වන ශ්‍රීනිවාස මූර්ති දික්ෂතූලු කොරෝනා ආසාදනය වීමෙන් ඊයේ (20) මරණයට පත්ව ඇත.

මිය යනවිට 73 හැවිරිදි වියේ පසුවූ මෙම ශ්‍රීනිවාස මූර්ති දික්ෂතූලු පූජකවරයා දශක තුනකට වැඩි කාලයක් තිරුපති කෝවිලේ පූජකවරයකු ලෙස කටයුතු කර තිබේ. ඔහු පසුගිය වසරේදී කෝවිලේ වගකීම්වලින් නිදහස් කර ඇති අතර මිය යනවිට ඔහු කෝවිලේ කටයුතුවලට සම්බන්ධ වී නොසිටි බව තිරුපති කෝවිලේ භාරය වන ‘තිරුමාලා තිරුපති දේවස්ථානම්’ හි සභාපති වයි.වී. සුබ්බා රෙඩ්ඩි සඳහන් කළේය.

කෙසේ වෙතත් එම කෝවිලේ පූජකයන් 21 දෙනකු ඇතුළු කාර්ය මණ්ඩලයේ 158 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බව කෝවිල භාර මණ්ඩලය පවසයි.