2020 ජුලි 18 වන සෙනසුරාදා

තුර්කි ඔත්තු යානයක් කඩා වැටෙයි!

 2020 ජුලි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 86

ඔත්තු බැලීමේ ගුවන් යානයක් තුර්කියේ කඳුකර ප්‍රදේශයකදී කඩා වැටීමෙන් ආරක්ෂක නිලධාරීන් හත්දෙනකු ජීවිතක්ෂයට පත්විය.

තුර්කියේ නැගෙනහිර වෑන් ප්‍රදේශයේ මෙම අනතුර සිදුව තිබේ. ගුවන් යානයේ ගමන් ගත් සියලු දෙනා අනතුරින් ජීවිතක්ෂයට පත්වන්නට ඇති බවට සැක කෙරෙයි. ගුවන් නියමුවන් දෙදෙනකු සහ ආරක්ෂක අංශ නිලධාරීන් පස්දෙනකු ගුවන් යානයේ ගමන් කරමින් සිට ඇත. යානය කඩා වැටීමට හේතුව හෙළිව නැත. කුර්දිෂ් කැරලිකරුවන් සහිත ප්‍රදේශයකට ඉතා ආසන්නයේ මේ අනතුර සිදුව ඇත.