2020 ජුලි 11 වන සෙනසුරාදා

ඉරානයේ ඔත්තු බලන්න ඊශ්‍රායලයෙන් චන්ද්‍රිකාවක්!

 2020 ජුලි 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 118

හමුදා බුද්ධි කටයුතු සඳහා භාවිත කළ හැකි උසස් තත්ත්වයේ ඡායාරූප ලබා ගැනීමට සමත් ඔත්තු සේවා චන්ද්‍රිකාවක් දියත් කිරීමට ඊශ්‍රායලය ඉකුත් දා කටයුතු කළේය.

එයින් ලබාගන්නා ප්‍රථම ඡායාරෑප පෙළ සතියකින් පමණ ලැබීමට නියමිතය. නව ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වැඩි විස්තර හෙළි නොකළ ද ඊශ්‍රායලයේ රාජ්‍ය ගුවන්විදුලිය පැවසුවේ කලාපීය එදිරිවාදියා වන ඉරානයේ න්‍යෂ්ටික කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට එය යොදාගන්නා බවය. නමුත් සිය න්‍යෂ්ටික වැඩසටහනට හමුදාමය සම්බන්ධයක් හෝ මානයක් නොමැති බව ඉරානය පවසයි. ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය බෙනී ගෑන්ට්ස් පැවසුවේ ඊශ්‍රායලයේ ආරක්ෂාවට ඔත්තු සේවා ශක්තිමත්ව පැවතීම "අත්‍යවශ්‍ය" බවය.