2020 ජුලි 11 වන සෙනසුරාදා

සරසවි සිසුන් බිලිගත් බස් අනතුර

 2020 ජුලි 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 34

චීනයේ බස් රථයක් ගුයිෂෝ ප්‍රාන්තයේ ජලාශයකට ඇද වැටීම නිසා 21 දෙනෙක් මිය  ගියහ. 15 දෙනකු තුවාල ලබා ඇත. ගුයිෂෝ ප්‍රාන්තයේ අන්ශුන්හි පිහිටි පාලමක් මතින් ගමන් කරමින් සිටියදී මේ බස් රථය පාලම් ගැට්ටේ වැදී ජලයට වැටී ඇත.

මේ බස් රථයේ ගමන් කර ඇත්තේ එරට ගවෝකාවෝ විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගයට යන සිසුන් පිරිසකි. මියගිය පිරිස අතර බස් රථයේ රියැදුරු ද වේ. මේ රියැදුරා 1997 සිට මේ මාර්ගයේ සේවයේ නිරතව සිටින පළපුරුදු තැනැත්තෙකි. අනතුරට හේතුව ගැන පරීක්ෂණ පැවැත්වේ. අනතුර වන අවස්ථාවේ කොතරම් පිරිසක් බස් රථයේ සිටියේ ද, එයින් කොපමණ පිරිසක් ශිෂ්‍යයන් ද යන්න තවමත් අනාවරණය වී නොමැත.

 

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:05