අලින් සිය ගණනක් ගතවූ මාස දෙක තුළ අභිරහස් ලෙස මියගොස් ඇති බව බොට්ස්වානා රාජ්‍යයෙන් වාර්තා වේ. එරට පසුගිය මැයි මාසයේ සිට මේ දක්වා අලින් 360කට වැඩි සංඛ්‍යාවක් මියගොස් ඇත. අස්වාභාවික ලෙස මියගිය අලි මළසිරුරු දිය වළවල් වටා වැතිර ඇති ආකාරය පරිසර සංරක්ෂකයන්ගේ අවධානයට යොමුව ඇත. බුරුතු පිටින් මියගිය අලි දේහ අතර සමහර ඒවා තිබුණේ ගමන් කරමින් සිටියදීම බිම පතබෑවී ගිය අයුරෙනි. දිය කඩිති ආශ්‍රිතව තෝන්තු ගතියෙන් ඉබාගාතේ ඇවිදින දුර්වල බවට පත්වූ අලි තොග පිටින් දක්නට ලැබෙන බව සංරක්ෂකයෝ පෙන්වා දෙති. අලින්ටම වෙන්වූ පරපෝෂිත රෝගයක් හෝ කොවිඩ් 19 ගැනද මේ මරණ සම්බන්ධ සැකය එල්ල වී තිබේ.
මෙලෙස අලින් විශාල සංඛ්‍යාවක් මාස දෙකක් වැනි කෙටි කාලයක් තුළ මියයාමට හේතුවූ අද්භූත කාරණය අනාවරණය කර ගැනීම සඳහා මියගිය අලින්ගේ සිරුරුවල සාම්පල ලබා ගනිමින් මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබේ. අප්‍රිකානු රටවල වෙසෙන අලින්ගෙන් තුනෙන් එකක පමණ සංඛ්‍යාවක් බොස්ට්ස්වානා රාජ්‍යයේ වාසය කරති. එරට අලි ගහනය 1,130,000 කි. මුළු අප්‍රිකාවේම මේතරම් අලිගහනයක් වෙන කිසි රටක නැත.