2020 ජුලි 04 වන සෙනසුරාදා

මියන්මාරයේ ජේඩ් මාරකෙන් 113ක් බිල්ලට!

 2020 ජුලි 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 134

මියන්මාරයට අලුත් මාසය උදාවූයේ මහා ඛේදවාචකයක් සමඟිනි. ජේඩ් ගල් සඳහා ප්‍රසිද්ධ උතුරු මියන්මාරයේ ආකරයක් නාය යාමෙන් 113ක් මරුට බිලිවීමේ සිද්ධියක් වාර්තා වීමත් සමඟිනි. මේ මියගිය අය දූගී දුප්පත් කම්කරැ පිරිසකි. බ්‍රහස්පතින්දා   උදෑසන එම අනතුර සිදුව ඇත්තේ ජේඩ් ආකර බහුල හකාන්ට් පළාතේය.

අධික වර්ෂාව මෙම අනතුරට හේතුවන්නට ඇතැයි බලධාරීන් සඳහන් කර ඇත. මරණ  ගණන තවත් ඉහළ යා හැකි බව ඔවුන් කියා තිබේ. නායෑමට හසු වූ සේවකයින් සොයා තවදුරටත් සහන සේවා කණ්ඩායම් මෙහෙයුම් සිදුකරති.
ලොව ප්‍රධානතම ජේඩ් පාෂාණ සැපයුම්කරු වන්නේ මියන්මාරයයි. සිද්ධිය හටගත් උතුර ඒ සඳහා ප්‍රසිද්ධය. මෙවැනි සිදුවීම් මෙම කලාපයේ බහුල වශයෙන් සිදුවේ. එසේම මෙම කටයුතු නිසියාකාරයෙන් බලධාරීන්ගේ අධීක්ෂණයටද ලක් නොවේ. මෙම ආකරවල සේවයේ යොදවා ඇත්තේ ඉතා දුප්පත් පුද්ගලයින්ය. මේ නිසාම ඔවුනට වන්දි ලබාදීමක් සාධාරණයක් ඉටුවන්නේද නැත. වර්තමාන මියන්මාර් රජය බලයට පැමිණියේ හකාන්ට් ප්‍රදේශයේ ඇති මෙම ආකර කර්මාන්තය සඳහා නිසි නීති රාමුවක් හඳුන්වා දෙන බව පවසමිනි. නමුත් මේ දක්වා බලධාරීන් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන  නොමැත.

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:05