මේ නොබෝදා කොරෝනාවෙන් යාන්තම් දිවි ගලවාගත් බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ගමන් කරමින් සිටි ජගුවර් මෝටර් රථය ගිය සතියේ අනතුරකට ලක්විය.
පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කර යළි සිය නිවෙස බලා යමින් සිටි අගමැතිවරයා රැගත් මෝටර් රථය ඉදිරිපසට එකවර වීරෝධතාකරැවන් පිරිසක් දිව ඒමත් සමඟ රියදුරු තිරිංග තද කර රථය නවත්වා තිබේ. එම අවස්ථාවේදී අගමැතිවරයාගේ වාහනය පසුපසින් පැමිණි ආරක්ෂක භටයන් රුගත් මෝටර් රථය අගමැතිවරයාගේ මෝටර් රථයේ ගැටී ඇත.
සිදුවූ අනතුරෙන් අගමැති බොරිස් ජොන්සන්ට හෝ වෙනත් කිසිවකුට අනතුරක් සිදුව නොමැති බව පසුව වාර්තා විය. එසේම පොලීසිය සඳහන් කර ඇත්තේ මහජන සාමය පිළිබඳ පනත යටතේ සහ අධිවේගී මාර්ගයට බාධා කිරීම සම්බන්ධයෙන් පුද්ගලයකු පසුව එම ස්ථානයේදී අත්අඩංගුවට ගත් බවය.