බ්‍රසීලයේ පරිසරය රැකගන්නට සටන් වැදුණු ගෝත්‍රික නායකයෙක් ද කෝවිඩ්-19 බිල්ලක් බවට පත් විය. මියයන විට 66 හැවිරිදිව සිටි මේ නායකයා මහා ඇමේසන් වන ගහණයට අයත් වූ කයාපෝ නමැති ඉපැරුණි මෙන්ම ප්‍රධානතම ගෝත්‍රයේ නායකයාය.
පොලීන්හො පයාකාන් නමැති මේ ස්වදේශීය වන නායකයා දකුණු පාරාවේ රෙඩෙන්කාවෝවල රෝහලට ඇතුළත් කළ පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ආරායා පළාතේ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබියදී මිය ගොස් ඇත.
මේ නායකයා ලෝක ප්‍රසිද්ධ වූයේ ඇමේසන් වන නදියක් වන ෂීන්ගු හරහා ඉදිකරන්නට ගිය පරිසරය වන සන බෝමොන්ටේ ජලවිදුලි බලාගාරයට එරෙහිව 1980 දී මෙහෙයවූ මහා උද්ඝෝෂණය නිසාය.