ප්‍රධාන පෙළේ ලෝක ප්‍රකට ආයතන ගණනාවකටම පසුගිය කාලයේ පරිගණක හැකරුන්ගෙන් ප්‍රහාර රැසක් එල්ල විය. මේ ආයතන සිය දත්ත ගබඩා ආරක්ෂණයට ඉක්මන් පියවර ගෙන තිබුණි. ඒ අතර ලොව ප්රමුඛ පෙළේ ජපන් වාහන නිෂ්පාදන සමාගමක් වන ‘හොන්ඩා’ ආයතනයට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තාවී තිබේ.
එම ආයතනය සඳහන් කළේ, මින් පරිගණක සේවා භාවිතය, ඊමේල් භාවිතය මෙන්ම අභ්‍යන්තර සේවා භාවිතයට බලපෑම් එල්ල වී ඇති බවය. වෛරසය සිය ජාලය පුරාම පැතිරගොස් ඇතැයි පැවසූ එම ජපාන වාහන නිෂ්පාදන ආයතනය ඒ පිළිබඳ වැඩිදුර විස්තර අනාවරණ කර නොමැත. ජපානයෙන් පිටත නිෂ්පාදන ක්‍රියාවලි වෙතද මින් බලපෑම් එල්ල වූ බව එම අයතනය කියා ඇත.