2020 ජුනි 06 වන සෙනසුරාදා

විදුලි බලයෙන් දුවන ලොකුම ගුවන් යානය!

 2020 ජුනි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 116

පැයට සැතපුම් 114ක වේගයෙන් ගමන් කළහැකි සම්පූර්ණයෙන්ම විදුලි බලයෙන් ක්‍රියාකරන ලොව විශාලතම ගුවන් යානය පසුගිය සතියේ කළඑළි බැස්සේය. එය සිය ප්‍රථම චාරිකාව ඇමරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තයේදී සිදුකරන්නට යෙදුණි. මෙම යානයේ මගීන් නවදෙනකුට ගමන් කළ හැකි වුවත් ප්‍රථම ගුවන් ගමන සඳහා සහභාගී වී ඇත්තේ ගුවන් නියමුවා පමණි.

සෙස්නා කැරවන් නම් ආසන නවයක් සහිත මෙම යානයෙන් කිසිදු කාබන් විමෝචනයක් සිදුනොවන බව එහි නිෂ්පාදක සමාගම වන මැග්නික්ස් ආයතනය පවසයි. මෙවැනි විද්‍යුත් ගුවන් යානයක පියාසර පැයක් සඳහා වැයවන්නේ ඉතා අඩු පිරිවැයක් බවත් ඒවා කුඩා ගුවන්තොටුපළ හරහා සිදුකරන අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා වඩාත් වාසිදායක වනු ඇති බවත් පරිසර දූෂණය අවම වීම ප්‍රධානම ප්‍රතිලාභය බවත් මැග්නික්ස් හි ප්‍රධාන විධායක නිලධාරී රෝයි ගන්සාර්ස්කි පවසයි. 2021 අවසන් වනවිට යානය වාණිජ ගුවන් ගමන් සඳහා යෙදවීමට නිෂ්පාදකයෝ බලාපොරොත්තු  වෙති.