2020 ජුනි 06 වන සෙනසුරාදා

රැසියාව කැළඹූ තෙල් පැල්ලම!

 2020 ජුනි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 147

රුසියාව තුළ මේ වනවිට හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ. එසේ කිරීමට එරට ජනාධිපති ව්ලැද්මීර් පුටින් පියවර ගත්තේ එරට අම්බර්නායා නමැති ගංඟාවට ඩීසල් බොරතෙල් ටැංකියක් කඩාවැටී සිදුව ඇති මහා පරිසර හානිය හමුවේය.
උතුරුකරයේ නොරිල්ස්ක් නගරය අසළ පිහිටා තිබෙන විදුලි බලාගාරයක ඉන්ධන ටැංකියක් පසුගිය සිකුරාදා කඩා වැටීමෙන් මෙම තෙල් අදාළ ගංගාවට මිශ්‍ර වී  තිබේ. ඒ අනුව එරට ආක්ටික් කවයට අයත් මෙම  ගංගාවට බොරතෙල් ටොන් 20,000 ක් මිශ්‍ර වී හමාරය. බොරතෙල් පැල්ලම කිලෝ මීටර 12ක් පුරා පැතිර මහා පරිසර විනාශයක් අරාඹා තිබේ. මෙම සිදුවීම පිළිබඳව නිලධාරීන් සොයාගෙන ඇත්තේ දින දෙකකට පසුව  බව දැන ගැනීමත් සමඟ ජනාධිපති පුටින් මහත් සේ කෝපයට පත්ව ඇත.

ලොව ප්‍රමුඛතම නිකල් සහ පැලේඩියම් නිෂ්පාදකයා වන නොරිල්ස්ක් නිකල් අනුබද්ධ සමාගමක් සතු මෙම බලාගාරයේ කළමනාකරු මේ වනවිටත් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කෙරේ. එරට රූපවාහිනියෙන් විකාශය වූ වීඩියෝ සම්මන්ත්‍රණයක දී පුටින් ජනාධිපතිවරයා, අදාළ සමාගමේ ප්‍රධානියාට තදින්ම දෝෂාරෝපණය කර තිබුණි. ඔහු මේ ගැන දැනගෙන ඇත්තේ සමාජ මාධ්‍ය මගිනි. එතෙක් දින 2ක් යනතුරැ රටේ සිදුවන දේ ගැන තමන් දැනුවත් නොකිරීම ගැන ඔහු මහත් සේ කෝපව සිටී. අම්බාර්නායා ගඟ වසාගත් කිලොමීටර 12ක් දිග රෝස පැහැති තෙල් පැල්ලම හේතුවෙන් වර්ග කිලෝමීටර් 350ක පරිසරය හානියකට ලක්ව තිබේ.