2020 ජුනි 06 වන සෙනසුරාදා

ලොව පිරිසුදුම වාතය ඇන්ටාර්ක්ටිකාව අසල!

 2020 ජුනි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 124

ලොව පවතින පිරිසුදුම වාතය ඇත්තේ ඇන්ටාර්ක්ටිකාව අසල දක්ෂිණ සාගරයට ඉහළින් බව සොයාගෙන ඇත. කිසිදු බාහිර අංශුවකින් දූෂණයට ලක් නොවූ පිරිසුදු වාතය මෙතැන ඇති බව විද්‍යාඥයෝ පවසති.

දක්ෂිණ සාගරය අවට ජෛව පාරිසරික තත්ත්වයන් ගැන සිදුකළ නවතම අධ්‍යයනයකදී මේ බව මුල්වරට අනාවරණය වී තිබේ. කොලරාඩෝ රාජ්‍ය විශ්ව විද්‍යාලයේ පර්යේෂක පිරිසක් මානව ක්‍රියාකාරකම් නිසා වෙනස් වීමකට ලක් නොවූ මෙම වායුගෝලීය ප්‍රදේශය සොයා ගැනීමට සමත්ව තිබේ.

මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා කාලගුණය සහ දේශගුණය පවා වෙනස් වන අවධියක මිනිසාගේ බලපෑමට ලක් නොවූ ප්‍රදේශයක් හඳුනාගැනීම විශේෂ කාරණාවක් බව පර්යේෂණය මෙහෙය වූ මහාචාර්ය සෝනියා ක්‍රේඩෙන්වෙස් සහ ඇයගේ කණ්ඩායම පවසයි.

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:05