2020 මැයි 30 වන සෙනසුරාදා

වසර 10කට පසු අමෙරිකන් රොකට්ටුවක්!

 2020 මැයි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 83

පැසිෆික් සාගරයට ඉහළින් රොකට්ටුවක් උඩුගුවනට නිකුත් කිරීමට ශ්‍රීමත් රිචර්ඩ් බ්‍රැන්සන්ගේ වර්ජින් ඕර්බිට් සමාගම ගත් පළමු උත්සාහය අසාර්ථක විය. මෙම රොකට්ටුව නිකුත් කිරීමට කටයුතු කළේ ඔහුට අයත් ජම්බෝ ජෙට් යානයක තටුවක් යටිනි. ඒ අත්තටුව එම කාර්යය සඳහා විශේෂයෙන් සකස්කර තිබිණි. තත්ත්පර කිහිපයකට පසු රොකට්ටුව දැල්වුණ අතර ගුවන්යානය එය වේලාවට කළින් මුදාහැරියේය. සෙනසුරාදා හෝ ඉරිදා නැවත මේ වැරදුන කුරැමානම ගැනීමට නියමිතය. අධික වැස්ස සහ සුළඟ හරස් නොවුණොත් මෙය අභ්‍යවකාශ තරණයේ ඓතිහාසික නව ඇරැඹුමක මුල් පියවර වන්නට නියමිතය.

අමෙරිකාවේම නිපැයූ රොකට්ටුවක් උඩුගුවනට යවන්නට මේ උත්සාහයක් දැරුනේ වසර 10කට පමණ පසුවය. නාසා මෙතෙක් කලක් වෙනත් රටවලින් කුලියට ගත් රොකට්ටු සිය ප්‍රවාහන වැඩට ගත්තේය. මේ අලුත් වර්ජින් ගමන සාර්ථක වූ විට නාසා හිතා සිටියේ බ්‍රැන්සන්ගේ වර්ජින් ඕර්බිට් සමාගමට අභ්‍යවකාශ ප්‍රවාහන කොන්ත්‍රාත්තුව බාරදී තමන් අභ්‍යවකාශ මෙහෙයුම්වලින් විශ්‍රාම ගන්නටය.

වර්තමානයේ වේගයෙන් වර්ධනය වන කුඩා චන්ද්‍රිකා නිකුත් කිරීමේ ව්‍යාපාරයට ප්‍රවේශ වීමේ ඉලක්කය ඇතිව බ්‍රැන්සන් මෙම නව ව්‍යාපාරය හඳුන්වා දුන්නේය. මේ අසාර්ථකත්වයට හේතුව කුමක්දැයි තවම හරියටම අනාවරණය කරගෙන නැතත් එම පරීක්ෂණයේ සාර්ථකත්වය 50 ට 50 ක මට්ටමේ පවතින බව සමාගම කළින්ම අනාවැකි පළකර තිබිණි.