ලොව පත්‍රකලා ඉතිහාසයේ මුල්ම වතාවට පුවත්පතක මුල්පිටුව පුරාම තනි මරණ දැන්වීමක් පලවූයේ ඉකුත් සතිය මුලදීය. ඒ ඇමෙරිකා එක්සත් ජනපදයේ කොරෝනා වයිරස ආසාදිත මරණ සංඛ්‍යාව 100,000 ළඟාවීමත් සමඟිනි. මේ ඉතිහාසගත මරණ ගණන වාර්තා වූ මැයි 24 වැනිදා සිය පුවත්පතේ මුල්පිටුව මුළුමනින්ම අවමංගල්‍ය දැන්වීමක් බවට පත් කිරීමට එරට ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත පියවර ගෙන තිබුණි.
එක් තීරුවකින් මරණ 1,000ක් නිරූපණය වන පරිදි මියගිය සියලුදෙනා සිහිපත් කරමින් මෙම පිටුව සකස් කළේ යැයි එම පුවත්පත සඳහන් කර තිබුණි.
මෙතැන පිටුව පිරෙන්නට තීරු 10ක නම් සඳහන් පුද්ගලයන් 1,000කගෙන් සම්පූර්ණ මරණ සංඛ්‍යාවෙන් සියයට 1ක් නිරෑපණය කර තිබුණි. එදා සිදුවූ විනාසය ගැන අනාගතයට කියන්නට ඔවුන් මේ අපූරු උපක්‍රමය තෝරාගන තිබුණි.