2020 මැයි 30 වන සෙනසුරාදා

හදිසියේ කඩා වැදුණු දරුණූ කුණාටුවක්!

 2020 මැයි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 40

බටහිර ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර නිවාස බොහොමයකට ඉකුත්දා හදිසියේම විදුලිය අහිමි වී ගියේය. නිවාස 60,000කට පමණ අලාභහානි සිදුවිය. කිලෝ මීටර් 1000ක පමණ වපසරියක වූ බිම් තීරැවකට බලපෑමක් කළ අති ප්‍රබල කුණාටුවක් නිසාය.

එදින ප්‍රාන්තයේ දකුණු ප්‍රදේශයට දුහුවිලි කුණාටු, අධික වැසි සහ වෙරළේ විශාල රුළි ඇති වී තිබේ. ඉතා බිහිසුණු කුණාටුවකට සූදානම්ව සිටින ලෙස බලධාරීන් මහජනතාවට කලින්ම කියා ඇත. ‘මැන්ගා’ ඝර්ම කලාපීය කුණාටුවක් සහ දකුණේ සිට පැමිණි ශීත කුණාටුවක් එකිනෙක හමුවීමෙන් මේ ව්‍යසනකාරී තත්ත්වය උදාවී ඇතැයි කාලගුණ අංශ  පැහැදිලි කරයි. කෙසේ වෙතත් මෙයින් කාටත් තුවාල සිදුවී නොමැත.

 

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:05