
ලොව පුරා විවිධ රට රාජ්ජයන්හි කොවිඩ්-19 වසංගතය හේතුවෙන් අසරණව සිටින මිලියන ගණනක් වන ඉන්දියානුවන් නැවත සිය රට කරා රැගෙන ඒමේ යෝධ මෙහෙයුමක් එරට රජය ඉකුත් බ්‍රහස්පතින්දා ඇරැඹීය. මේ වනවිට පර්සියානු ගල්ෆ් කලාපයේ පමණක් ඉන්දියානුවන් මිලියන ගණනක් රැකියාද අහිමිව අතරමංව සිටිති. එක්සත් අරාබි එමීර් රජය සිය රට වෙසෙන 150,000කට අධික ඉන්දියානුවන් ඉවත්කර ගන්නා ලෙස ඉල්ලා තිබුණි.

අධ්‍යාපන කටයුතු සඳහා නොරට ගිය දහස් ගණනක්ද දැන් අතරමංව රටවල් ගණනාවක අසරණව සිටිති. ඉන්දියාව ජම්බෝ ජෙට් යානා බළ ඇණියක් සහ නාවුක යුද යාත්‍රා ඛණ්ඩයක් එමීර් රාජ්‍යය සහ මාලදිවයින වෙත පළමුව පිටත් කර හැරියේ මේ අතරමංවූවන් සිය රට රැගෙන ඒමටය. එසේ වුවද මේ මහා මෙහෙයුමෙන් නැවත ඉන්දියාව වෙත රැගෙන එන්නෙ කොවිඩ්-19 න් ආසාදිත නොවූ පිරිස පමණක් බව රජය අවධාරණය කර ඇත.
► සංස්කරණය: සුගත් පී. කුලතුංගආරච්චි