2020 මැයි 09 වන සෙනසුරාදා

පුලිට්සර් දිනූ අමුතු සේයාරුව

 2020 මැයි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 278

අන්තර්ජාතික පිළිගැනීමක් සහිත පුලිට්සර් සම්මාන ප්‍රදානය පසුගියදා පැවැත්වුණේද ඔන්ලයින් ක්‍රමයටය. එහිදී අමුතු සේයාරුවකට හොඳම සේයාරුවට හිමි සම්මානය ලැබුණි.

කොවිඩ් 19 වසංගතයෙන් බේරෙන්නට මුහුණ ඇඟපත හොඳින් ආවරණය කර ගත් කාශ්මීර විරෝධතාකරුවෙකුගේ ප්‍රචණ්ඩත්වය හොඳින් නිරූපනය කෙරෙන “කැප්ෂන් ඕනෑ නැති” ආකාරයේ කතාකරන මේ සේයාරුව ඒ.පී. ආයතනයේ කාශ්මීර ඡායාරූප මාධ්‍යවේදී ඩාර් යාසීන්ගේ වික්‍රමයකි.