
මේ ගෙවී යන්නේ ලෝකයම මාස්ක් දමාගත් යුගයකි. තාරකා සහ ග්‍රහලෝක ගැන සොයන නාසා ආයතනයේ විද්‍යාඥයන්ද සිටින්නේ මාස්ක් දමාගන නාසා වසාගෙනය. ඒ අතරේ පසුගිය බදාදා අපේ මහ පොළොව අසලට අභ්‍යවකාශ ගල් පර්වතයක් හෙවත් ඇස්ටරොයිඩයක් නැතිනම් ග්‍රහකයක් පැමිණියේය. 1998 OR2 හැටියට නම්කර තිබූ මේ ග්‍රහකය මහ පොළොව දිහාට එන ආකාරය ඊට දින ගණනාවකට පෙර සිට රේඩාර් තිර මතද දිස්වූෙණ්ය. මේ රේඩාර් දසුන දුටු විද්‍යාඥයන් අතර පැතිර ගියේ මහා හිනාවකි. කොරෝනා කාලේ හම පොළොවට කිට්ටු කරන්නට පැමිණි 1998 OR2 දක්නට ලැබුණේ හරියටම සූදානම් සරීරේ කියා “මාස්ක්” එකක් පැළඳ එන හැටියටය.