2020 මැයි 02 වන සෙනසුරාදා

සිරියාවේ බෝම්බ බිල්ලක්!

 2020 මැයි 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 90

තුර්කි හමුදාවට සහ මිත්‍ර පාක්ෂික සිරියානු විපක්ෂ කල්ලි වෙත පාලනය නතුව ඇති සිරියාවේ ඇෆිරීන් නගරයේ සිදුවූ බෝම්බ ප්‍රහාරයකට 40ක් බිලිවූහ. සිරියාවේ, හටෙයි ප්‍රාන්තයේ ඇෆ්රින් නගරයේ සිදුවූ මෙම බෝම්බ ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 47 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර මියගිය පුද්ගලයින් අතර දරුවන් 11 දෙනෙකුද වන බව තුර්කි ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

අසල්වැසි තුර්කි මායිම් ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළේ, ජනාකීර්ණ වෙළෙඳ සංකීරණයක් අසල තිබූ ඉන්ධන ටැංකියකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ලවීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. තුර්කියේ කුර්දි සටන්කාමීන්ට පිපිරීම සම්බන්ධයෙන් තුර්කි ආරක්ෂක අමාත්‍යවරයා විසින් දෝෂාරෝපණ එල්ල කර ඇත.