2020 මාර්තු 07 වන සෙනසුරාදා

පිලිපීනයේ පොලිස් ලොක්කෝ අහසින් පොළොවට!

 2020 මාර්තු 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 158

පිලිපීනයේ ජාතික පොලිස් ප්‍රධානී ජෙනරාල් ආචී ගැම්බෝවා සහ තවත් 7 දෙනෙකු රුගත් හෙලිකොප්ටර් යානයක් ලගුනා පළාතේ සැන් පේද්‍රෝ නගරයේදී කඩා වැටී අනතුරට පත්ව තිබේ. අනතුරින් පොලිස් ප්‍රධානී ගැම්බෝවා සුළු තුවාල ලබා දිවි ගලවා ගැනීමට සමත්වී ඇත.

යානයේ සිටි සෙසු පිරිසද අනතුරින් තුවාල ලබා ඇති අතර පොලිස් ජෙනරාල්වරුන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසා සිටියේය. යානය ගුවන් ගතකරන අවස්ථාවේදී හාත්පස දූවිලි වලින් වැසී යාමෙන් ප්‍රදේශයේ දෘශ්‍යතාව දුර්වල වී තිබේ. ඒ හේතුවෙන් යානය විදුලි රුහැනක ගැටී අනතුරට පත්ව ඇති බව සැක කෙරෙයි.